විෂ දුම මුදාහරින වාහන රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

පරිසරයට විෂ දුම් මුදාහරින වාහන හිමියන් හා රියදුරන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් පරිසර අමාත්‍යංශය මගින් දියත් කොට තිබේ.

එම අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා එක්ව මෙම වැඩසටහ ආරම්භ කොට ඇති අතර පළමු අදිරය යටතේ මහනුවර, බදුල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රියදුරන් දැනුවත් කිරීම අද (07) ආරම්භ කොට විය.

ලෝක සෞඛ්‍ය සංවිධාන නිකුත් කොට ඇති වාර්තාවක් අනුව ලෝක ජනගහණයෙන් 99%ක් අනාරක්ෂීත වාතය ආශ්වාස කරන අතර වායු දූෂණය හේතුවෙන් ලොව පුරා වසරකට මිය යන ප්‍රමාණය මිලියන 07කට ආසන්න වේ.

ඒ අනුව සැප්තැම්බර් 07 වන දින ‘නිල් අහසක් සඳහා පිරිසිදු වාතය’ මැයෙන් නම් කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වර්ෂ 2019දී තීරණය කොට තිබේ. ඒ නිමිත්තෙන් මෙරට වාහන වායු දූෂණය අවම කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ වැඩසටහන් සැලසුම් කොට තිබේ.

පළමු අදියර යටතේ රියදුරන් දැනුවත් කිරීම ආරම්භ වූ අතර එහි දෙවන අදිරය යටතේ ස්ථානීය දුම් පරීක්ෂා සිදුකොට අහිතර දුම් මුදාහරින වාහන අලුත් වැඩියා කිරීමේ නියෝග නිකුත් කිරීමට නියමිතය. රජයේ වාහන ඇතුලු සියලුම වාහන මේ යටතේ පරීක්ෂා කරන බවත් විෂ දුම් මුදාහරින වාහනවල ආදායම් බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවත් මහනුවර දිස්ත්‍රික් මෝටර් රථ වාහන පරීක්ෂක චන්ද්‍ර බණ්ඩාර මහතා මහනුවර දී දියත් කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...