සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කමින් සඳහන් කර ඇත්තේ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කල බවයි.

එම අධිකාරිය සඳහන් කළේ,  2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා රු.260/-, සම්බා රු.230/-, නාඩු රු.220/- සහ රතු කැකුළු රු.210/- ක් ලෙස උපරිම සිල්ලර මිල ගණන් දැක්වෙන බවයි

ඉහත මිල ගණන්වලට සහල් අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙළඳුන් වෙත දැනුම් දී ඇත.

වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද, පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ප්ලක්ෂ පහේ සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක්ද අධිකරණය මගින් නියම කරන බව සඳහන් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, සහල් වැඩි මිලට අලෙවි කිරිම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන අතර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

එම අධිකාරිය වැඩිදුරටත් ජනතාවට දැනුම්දෙන්නේ, සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසැලක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකය වෙත තොරතුරු ලබාදෙන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...