දිනෙන් දින වෙනස් වන රන් මිල

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1915යි ශත 09ක් ලෙස ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි වර්ධනයක් අද (15) දක්නට ලැබුණි.

ලෝකයේ විශාලතම රන් පාරිභෝජකයා වන්නේ චීනය වන අතර ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමට මෙවර බලපා ඇත්තේ චීනයේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ සලකුණු බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

චීනයේ කර්මාන්ත ශාලා නිෂ්පාදන හා සිල්ලර අලෙවියද අගෝස්තු මාසයේදී අපේක්ෂිත මට්ටම අභිබවා ගොස් ඇති බව වාර්තා වූ අතර, එසේම චීන යුවාන් විනිමය ඒකකය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සති දෙකකින් ඉහළම අගයද සලකුණු කර ඇත.

මේ අනුව රන් සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමේ ප්‍රවණතාව රන් මිල ඉහළයාමට බලපා ඇති බව සඳහන් වන අතර, යුවාන් මුදල් ඒකකයට සාපේෂව ඩොලරයේ අගය පහත වැටීම රන් සඳහා ආයෝජක ආකර්ශණය ඉහළ යාම හේතුවී තිබේ. ඒ රන් මිල ඩොලර්වලින් සලකුණු කර තිබීම හේතුවෙනි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් පමණක් නොව රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි අනෙකුත් වටිනා ලෝහ වර්ගවල මිල ගණන් ද කැපී පෙනෙන ලෙස ඉහළයාමක් දක්නට ලැබෙන අතර , අමෙරිකා එක්සත් ජනපදය උද්ධමනය පාලන කිරීමේ පියවරක් ලෙස පොලී අනුපාත නැවතත් ඉහළ නැංවීම පියවර ගතහොත් රන්මිල පහත වැටීමට හැකියාවක් පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, අමෙරිකා මහ බැංකුව පොලී අනුපාතය ඉහළ නැංවීමෙන් රන් සඳහා අයෝජන ආකර්ශනය පහත වැටීමට හැකියාවක් පැවතීම බව අඩි දුරටත් විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...