ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අයදුම්පත් කැඳවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2021, 2022 වර්ෂවල පැවති අපොස උසස් පෙළ විභාගයට සහ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් මෙන් ම ගිහි පිරිමි සිසුන්ගෙන් අයදුම්පත් එනම්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023 – 2024 අධ්‍යයන වර්ෂයට අදාළ ව ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර අත.

ලබන මස 10 වැනිදා දක්වා අයදුම්පත් භාරගනු ලබන අතර එදිනට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහකාර ලේඛකාධිකාරී අධ්‍යයන හා ශිෂ්‍ය සේවා, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ගුරුළුගෝමී මාවත, පිටිපන උතුර, හෝමාගම යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු අතර, අයදුම්පත හා අදාළ විස්තර www.bpu.ac.lk යන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීම මගින් ලබාගත හැකි අතර 011-2857786 හා 011-2891104 යන දුරකථන අංක විමසා වැඩිදුරටත් විස්තර ලබාගත හැකි බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දැනුම් දී සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...