IMF අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසු රනිල්ගෙන් ආර්ථිකය ගැන විශේෂ හෙලිදරව්වක්!

Date:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන සතියේදී රැස් වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගතහැති ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට එජාප නායකයා සූදානමින් සිටිනවා. ඒ සඳහා පෙර සූදානමක් ලෙස වික්‍රමසිංහ මහතා පසුගිය දිනවලදී ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් සමග සාකච්ඡා පවත්වා කරුණු එක්රැස් කරගෙන සිටී.

මෙම විශේෂ ප්‍රකාශයත් සමගින් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදු කිරීමටද එජාප නායකයා සූදානමින් සිටින අතර පක්ෂ විපක්ෂ ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුද මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සාකච්ඡා හරහා රට ගොඩනැගීමට අවශ්‍ය මූලික රාමුවක් ඇති කර ගැනීමටද ඔහු අදහස් කරගෙන සිටී.

අගමැතිවරයා මෙම අදහස් පළකර තිබෙන්නේ ඊයේ සිය නිවසේදී සිවිල් ක්‍රියාකාරී තරුණ තරුණියන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.

පොදු ස්ථාවරයක් ඇති කර ගනිමින් රට ගොඩනැගීම සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමටද සූදානම් බවයි හිටපු අගමැතිවරයා පවසා තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...