විපක්ෂයේ විරෝධය නිසා පාස්කු ගැන කියන්න හිටි නිලන්ත වැඩේ මඟහරී!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබදවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සදහා විශේෂ වැඩ මුළුවක් ඊයේ දිනයේ දී පැවති අතර, එම වැඩමුළුව සදහා සහභාගී වීමට සිටි ප්‍රධාන දේශකයෙකු වන, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විපක්ෂයේ විරෝධය නිසා ඊට සහභාගී නොවූ බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින තැනැත්තෙක් එහි විමර්ශන පිළිබඳ දැනුවත් කිරීමට පැමිණීම හාස්‍ය දනවන්නක් බවටයි විපක්ෂය ඒ සම්බන්ධයෙන් ඊයේ දින චෝදනා පිට චෝදනා එල්ල කළේ.

චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කළ වාර්තා වැඩ සටහන හේතුවෙන් පාස්කු ප්‍රහාරය ගැන යළි ආන්දෝලනාත්මක තත්ත්වයක් රට තුළ ඇති කර තිබෙන පසුබිමකයි මෙලෙස මන්ත්‍රීවරු දැනුවත් කරනු ලැබුවේ.

එමෙන්ම හෙට සහ අනිද්දා යන දෙදිනේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට සැලැසුම් කර තිබෙන අතර ඊට පෙර පාස්කු ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනවල නවතම තත්ත්වය පිළිබදව මන්ත්‍රීවරු දැනුවත් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් එය සංවිධානය කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...