ජනපති රනිල් සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර සාකච්ඡාවක් සැප්තැම්බර් 26 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට දිවයිනට පැමිණ සිටින IMF නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වනු ඇති අතර IMF දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ අවසන් සාකච්ඡාව ලෙස මෙය සිදුවනු ඇති බව සඳහන්.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව IMF දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමක් ද අත්සන් තැබීමට නියමිත බවත් වාර්තා විය.

RN