රන් සටනේ ඉන්දියාව ලකුණු 117 සීමා කරන්නට ලංකාවට හැකි වෙයි

Date:

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව,කඩුලු 7 ක් දැවී ලකුණු 117 සීමා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.එහිදී කඩුලු රැකීමේ කාර්යයේ නිරත අනුෂ්කා සංජීවනී කඩුල්ල පිටුපස සිට දැවීම් හතෙන් හතරකටම දායකවීම කැපී පෙණුනා.පන්දු යැවීමේදි උදේශිකා ප්‍රබෝධනී ලකුණු 16 ට ද,ඉනෝකා රණවීර ලකුණු 21 ට ද,සුගන්ධිකා කුමාරි ලකුණු 30 ට ද කඩුලු 2 බැඟින් දවා ගත්තා.ස්ම්රිටී මන්දනා ලකුණු 46ක් ද,ජෙමා රොඩ්රිගස් ලකුණු 42 ද රැස් කරා.ශ්‍රී ලංකාව කල්පනාවෙන් මේ අභියෝගයට මුහුණ දුන්නොත් මෙම ලකුණු ප්‍රමාණය අභිබවා යා හැකියි.නමුත් වර්ථමානයේ වඩාත් විශ්වසනීය පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම ⁣අද කණ්ඩායමේ නැති අතර,කවීශා දිල්රුක්ෂිද පන්දු රැකීමේ දී ආබාධයකට ගොදුරු වීම නිසා පන්දුවට පහරදීම සැක සහිතයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...