රන් සටනේ ඉන්දියාව ලකුණු 117 සීමා කරන්නට ලංකාවට හැකි වෙයි

Date:

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව,කඩුලු 7 ක් දැවී ලකුණු 117 සීමා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.එහිදී කඩුලු රැකීමේ කාර්යයේ නිරත අනුෂ්කා සංජීවනී කඩුල්ල පිටුපස සිට දැවීම් හතෙන් හතරකටම දායකවීම කැපී පෙණුනා.පන්දු යැවීමේදි උදේශිකා ප්‍රබෝධනී ලකුණු 16 ට ද,ඉනෝකා රණවීර ලකුණු 21 ට ද,සුගන්ධිකා කුමාරි ලකුණු 30 ට ද කඩුලු 2 බැඟින් දවා ගත්තා.ස්ම්රිටී මන්දනා ලකුණු 46ක් ද,ජෙමා රොඩ්රිගස් ලකුණු 42 ද රැස් කරා.ශ්‍රී ලංකාව කල්පනාවෙන් මේ අභියෝගයට මුහුණ දුන්නොත් මෙම ලකුණු ප්‍රමාණය අභිබවා යා හැකියි.නමුත් වර්ථමානයේ වඩාත් විශ්වසනීය පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම ⁣අද කණ්ඩායමේ නැති අතර,කවීශා දිල්රුක්ෂිද පන්දු රැකීමේ දී ආබාධයකට ගොදුරු වීම නිසා පන්දුවට පහරදීම සැක සහිතයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...