වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව IMF නියෝජිතයන් හමුවෙයි – බදු ගැටළුව එතැනමයි!

Date:

කොළඹ LNW:වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර ඊයේ (25) රාත්‍රියේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

වෘත්තිකයින් මුහුණ දී සිටින බදු ගැටළුව සම්බන්ධයෙන් එහිදී ප්‍රමුඛ අවධානයක් යොමුව තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ආරාධනයකට අනුවයි එම සාකච්ජාව පවත්වා තිබුණේ.

මේ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය ,විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්ව විද්‍යාල අචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ රටක ලෙස සිටින තැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ කරුණු වලින් අනාවරණය වූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කය බදු ආදායම වැඩිකර ගැනීම වුවද එය සිදුකරන්නේ කෙසේද යන්න රජය තීරණය කළ යුතු බවට ඔවුන් පැවසූ බවද ඉලංගසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව වෘත්තිකයින් ලෙස ඉල්ලා සිටින්නේ මහා පරිමාණ ආදායම් උපයන අයාගෙන බදු අය කරගන්නා ලෙස යැයිද ඔහු කියා සිටියි.

මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මහතා, ”අපි මේ ප්‍රශ්නය පිළිබද සවිස්තරාත්මකව පැහැදිලි කළා.ඔවුන් සාවධානව ඇහුම්කන් දුන්නා.අවසන් තීන්දු ගැනීමේ බලය තියෙන්නේ රජයට කිව්වා.අපි IMF මූලධර්මවලට එකඟව යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ඇහුවා ශ්‍රී ලංකා රජය මේ ගැන කතා කලාද කියලා. හෙටින් එම සාකච්ජා අවසන්. අපි බලන් ඉන්නවා මොනවද ලබාදෙන සහන කියලා. අපි හිතන්නේ නෑ ඔවුන් මේ කාරණාවලට මැදිහත් වෙයි කියලා. අපි පෙන්වා දුන්නා මේ බදු නිසා වෙලා තියෙන දේ. ඔවුන්ගේ කතාවෙන් පැහැදිලි උන එක තමයි වෘත්තිකයින්ගෙන් බදු ගහන්න කියලා ඔවුන් නිශ්චිතව කියලා නෑ.” යනුවෙන් පවසන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැඩ ඔය ද්‍රෝණිය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතවත් ගංවතුර අනතුරු හැඟවීම්

සටහන - රුවන් නෙළුගොල්ල හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව...

ජනාධිපති කියපු විනිවිදභාවය බොරුවක් – මුජිබර්ගෙන් චෝදනා

කොළඹ LNW: විනිවිදභාවය, පාරදෘශ්‍යභාවය ගැන ජනාධිපතිවරයා කතා කළද එලෙස...

කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Aoraki – Mount ...

මාලිමාව හික්කඩුව නගරසභාවේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගරසභාවේ අයවැය ද...