චීන සිනොපෙක් තෙල් පිරිපහදුවත් අරඹයි!

Date:

කොළඹ LNW: චීනයේ සිනොපෙක් සමාගම ලබන මාසයේ සිට මෙරට තෙල් පිරිපහදු කටයුතු ආරම්භ කිරීමටද කටයුතු සැලසුම් කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඒ බව තහවුරු කර තිබෙන අතර සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන වෙළඳපළ වෙත සිය නිල ප්‍රවේශය නිවේදනය කිරීම ඊයේ (25) කොළඹදී සිදුකෙරුණි.

ඉන්ධන අවශ්‍යතාවය ඉහළ ගියහොත් ඉදිරියේදී සිනොපෙක් සමාගමට පිරවුම්හල් 200 කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කිරීම සඳහා අවසර ලබාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි..

මේ අතර, ෂෙල් සමාගමට අයත් ආර්.එම්.පාර්ක්ස් ඛනිජ තෙල් සමාගම ද ලබන මාසයේදී මෙරට ඉන්ධන බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව, එම සමාගම සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් ඉන්ධන පිරවුම්හලක් සහ කොළඹ වැනි නාගරික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් බහුවිධ බෙදා හැරීමේ ස්ථාන ඉදිකිරීමටයි බලාපොරොත්තු වන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...