*
Friday, October 11, 2024
spot_img

Latest Posts

සීක් නායකයාගේ ඝාතනය පිළිබද කරුණු දැක්වීමට සහය ලබා දෙන ලෙස ඇමරිකාව ඉන්දියාවෙන් ඉල්ලයි

සීක් නායකයක හර්දීප් සිං නිජ්ජාර්ගේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කැනඩාවේ විමර්ශනයට සහයෝගීව කටයුතු කරන ලෙස එක්සත් ජනපදය ඉන්දියාවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වොෂින්ටන්, ඩීසී හි ඉන්දීය විදේශ කටයුතු ඇමති සුබ්‍රමනියම් ජයෂන්කර් හමුව ඇත. මේ සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ වාර්තාකරුවන්ට පැවසුවේ බ්ලින්කන් කැනේඩියානු චෝදනා ජයශංකර් සමඟ මතු කරන බවට එක්සත් ජනපද නිලධාරීන්ගෙන් සහතිකයක් ලැබී ඇති බවයි.

පසුගිය(18 )වනදා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති ටෘඩෝ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පසුගියදා දිල්ලියේ පැවති G20 සමුළුවේදී නජ්ජාර් මහතාගේ ඝාතනය පිළිබඳ ප්‍රශ්නය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ඉදිරිපත් කළ බවයි. කැනේඩියානු භූමියේදී කැනේඩියානු පුරවැසියෙකු ඝාතනය කිරීම සඳහා විදේශීය රජයක මැදිහත්වීමක් අපගේ ස්වෛරීභාවය පිළිගත නොහැකි ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

මේ ප්‍රකාශයත් සමඟ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සිය කනස්සල්ල ප්‍රකාශ කළ අතර විශ්ලේෂකයන් අදහස් දක්වන්නේ, වර්ධනය වන ආර්ථික ශක්තිය, ආසියා පැසිෆික් කලාපය තුල චීනයේ වැඩෙන බලපෑමට එරෙහි වීමේ පුලුල් උත්සාහයක් මධ්‍යයේ කැනඩාව විසින් ඉන්දියාවට කරන චෝදනා එක්සත් ජනපදය අපහසුතාවයට පත් කර ඇති බවයි.

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කොටස් ද ඇතුළත් කරගනිමින් වෙනම සීක් නිජභූමියක් නිර්මාණය කිරීම අරමුණු කරගත් සීක් බෙදුම්වාදී ඉල්ලීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉන්දියාව සලකයි. ඉන්දියාවේ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළක්වීමේ පනත (UAPA) යටතේ ඛලිස්තානය පිළිබඳ අදහස හා සම්බන්ධ කණ්ඩායම් ගණනාවක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස ලැයිස්තුගත කර ඇති අතර 2020 දී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් හර්දීප් සිං නිජ්ජාර්ගේ නම ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු සික් කොංග්‍රස් මන්ඩලයේ සාමාජික එක්සත් ජනපද නියෝජිත එරික් ස්වල්වෙල් සඳුදා ප්‍රකාශ කළේ ඉන්දියා රජය විදේශයන්හි සිටින සීක් ක්‍රියාකාරීන් ඉලක්ක කරන බවට වාර්තා වීම ගැන තමා කනස්සල්ලට පත්ව සිටින බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan