ගෑස් මිල සූත්රය අනුව මාසික ලිට්රෝ ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් 04 වනදා ප්රකාශයට පත් කෙරෙනු ඇති බව වාර්තා වේ.
පසුගිය මාසයේදී මිල සූත්රය අනුව කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කරනු ලැබීය. දැනට ගෑස් මිල ගණන් පවතින්නේ කිලෝග්රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,127 ක්, කිලෝග්රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,256 ක් සහ කිලෝග්රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 587 ක් වශයෙනි.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල ගණන් අනුව මේ මාසයේදී ද ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
RN