*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත (OSB) යොදා මාධ්‍ය සීමා කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට ප්‍රති-ත්‍රස්ත පණත (ASA) යොදා ගැනීම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ සතියේ සුවිශේෂ කෙටුම්පත් දෙකක් එනම්: මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත (OSB) සහ ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත (ATB) සලකා බැලීමට නියමිතය. මෙම පනත් කෙටුම්පත් විසින් ඇති කළ හැකි බලපෑම් හේතුවෙන් ඒවා පිළිබඳව ජාතික සහ ජාත්‍යන්තර නියෝජිතායතනවල කනස්සල්ල පළ කර ඇත. අරගලය විරෝධතාවලින් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති කප්පාදු කිරීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස සීමා කර තිබේ. කෙසේ වෙතත්, මෙම පියවර ආර්ථික හෝ දේශපාලන ස්ථාවරභාවය ඇති කරන්නට දායක වනු ඇතැයි සිතිය නොහැක.

සියලුම ආණ්ඩු විසින් වෛරී ප්‍රකාශ සහ වැරදි තොරතුරු කළමනාකරණය කළ යුතුව ඇත. කෙසේ වෙතත්, 2007 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත ආණ්ඩුවත් එහි ආරක්ෂක ආයතනත් විසින් විසම්මුතිය සහ මහජන විවාදය මැඩපැවැත්වීමේ මෙවලමක් ලෙස අවභාවිතා කරන ලදී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ පුනරුත්ථාපන කාර්යාංශයේ පනත (BRA) බොහෝ සිවිල් ක්‍රියාකාරිකයන්ගේ මානව හිමිකම් මැඩලීම සඳහා යොදා ගන්නා ලදී. එවැනි අවභාවිතයක් විශ්වාසයක් ඇති නොකරන අතර අලුතින් ලබාගන්නා ලද බලතල අනිසි ලෙස භාවිතා කිරීමට යෝජිත පනත් කෙටුම්පත් දෙක යොදා ගත හැකිය.

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත මාර්ගගත ආරක්ෂණ කොමිසමට සහ විශේෂඥයින්ට පුළුල් පරාසයක බලතල ලබා දෙමින් මාර්ගගත සන්නිවේදනය නියාමනය කිරීම අරමුණු කර ගනියි. එය ආණ්ඩුවේ ස්ථාවරයට පටහැනි මතිමතාන්තරවලට දඬුවම් කිරීමට හැකිවන පරිදි තොරතුරු හා ප්‍රකාශනයේ නිදහස කප්පාදු කරනු ඇතැයි විවේචකයෝ බිය වෙති. විරුද්ධ හඬවල් යටපත් කළ හැකි වන පරිදි පනතේ ඇති නොපැහැදිලි නිර්වචන පුළුල් අර්ථකථන සඳහා ඉඩකඩ සලසා දෙයි.

කෙටුම්පත් ස්වරූපයෙන් පවතින පනත් කෙටුම්පත් ප්‍රජාව වෙත බරපතල බලපෑමක් ඇති කරන බැවින් අදාළ පාර්ශවකරුවන් සමඟ පවත්වන අර්ථවත් උපදේශන යොදා ගනිමින් මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත (OSB) ඉල්ලා අස්කර ගන්නා ලෙස හෝ සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඉල්ලා තිබේ.

සමාන ලෙසම, ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත, ප්‍රකාශිත සංශෝධන තිබියදී වුවද, විවාදාත්මකව පවතී. ත්‍රස්තවාදය පිළිබඳ එහි එන නොපැහැදිලි නිර්වචනය, සීමා කරන ලද අධිකරණ අධීක්‍ෂණය සහ ජනාධිපතිවරයාට ලබා දී ඇති අධික බලතල පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. නිවැරැදි බව සනාථ කිරීමේ වගකීම චූදිතයන් වෙත පවරමින් ත්‍රස්තවාදයට අනුබල දෙන අන්දමේ තොරතුරු හුවමාරු කිරීම මත රැඳවියන් සිරභාරයේ තබා ගත හැකිය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි පෙර පැවති නීති අනිසි ලෙස භාවිතා කරන ලද අතර, රාජ්‍ය ආයතනවලට මෙම විධිවිධාන අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නට ඉඩ සලසමින් නව නීතිරීති ද, මෙම ප්‍රවණතාවය දිගටම පෙරට ගෙන යන බව පෙනේ.

පනත් දෙකම කම්කරු පන්තිය, සිවිල් සමාජය සහ සංවිධාන ඉලක්ක කරන විපක්ෂය මැඩලීමේ මෙවලම් ලෙස සැලකේ. කප්පාදු කිරීමේ පියවර වල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සමග එකට සම්බන්ධ කොට ශ්‍රී ලංකා ආණ්ඩුව කරන කටයුතු වඩා ඉහල විරැකියාවටත් මහජන අප්‍රසාදයටත් මඟ පාදා ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය, විසම්මුතිය, රැස්වීම සහ සාමකාමී විරෝධය පෑම ඇතුළු මූලික අයිතිවාසිකම් සහ නිදහස උල්ලංඝනය කරමින්, ආණ්ඩු විරෝධී විපක්ෂයේ ගෙල හිර කරමින් මෙම පනත් කෙටුම්පත්වලට ආඥාදායක බලතල තහවුරු කිරීමට හැකි වේ.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ සියලු මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ යුතුකම සහ වගකීම රජය සතු බව ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු සහයෝගිතාවේ (AAGGSL) ආස්ථානය යළි අවධාරණය කරයි. ඊට තොරතුරු දැනගැනීමට, විසම්මුතියට, රැස්වීමට සහ සාමකාමී විරෝධතා පෑමට ජනතාව සතු අයිතිය ද ඊට ඇතුළත් වේ.

අත්සන් කළේ
ආචාර්ය ලයනල් බෝපගේ
සභාපති, ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව
මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan