මහජන උපයෝගීතා කොමිසම මොනව කිව්වත් විදුලිය කපන්නම වෙනවා – විදුලි ඉංජිනේරු සංගමය

Date:

විදුලි සැපයුම කප්පාදු නොකර පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. එම කොමිසමේ උපදෙස් අනුව කටයුතු කළහොත් ගැටලු ගණනාවක් මතුවන බවයි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පෙන්වා දෙනවා.

මේ වනවිටත් ඉන්ධන නොමැතිකම හේතුවෙන් බලාගාර කිහිපයක විදුලි නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති අතර එම බලාගාර යළිත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලැබීමට තවත් සති දෙකක් පමණ ගතවනු ඇති බවද සභාපතිවරයා පවසනවා.

මීට අමතරව විදුලිය නිපදවීම සඳහා යොදා ගන්නා ජලාශවල ජල මට්ටමද දිනෙන් දිනම පහත වැටෙමින් තිබේ. මෙම තත්වය මත ඉදිරියේදී ජල විදුලි ධාරිතාවයද අවම වනු ඇත.

පවතින ගැටලුකාරී තත්වය මත විදුලි කප්පාදුවකින් තොරව පද්ධතිය පවත්වාගෙන යාම අසීරු බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පෙන්වා දෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...