කොළඹ LNW: මේ වන විට වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් ජීවිත තර්ජන ඇති බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙන අතර ඒ අනුව ඔහු සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ පවුලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටළුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබෙන බව අද (03) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
ඔහු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට මෙන්ම පොලීසියට ද දැනුම් දී ඇති බවත් ජීවිත තර්ජන සම්බන්ධයෙන් වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් පවසා ඇති පසුබිමක තිරයට යටින් වෙන දේවල් ගැන සොයා බලන ලෙසයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
ASK