*
Friday, September 20, 2024
spot_img

Latest Posts

චීනයේ සීතල ක්‍රීඩා – ලෝකයම ගිණි තබයිද?

චීනයේ පැවත්වෙන 2022 ශිත සෘතු ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් එහි අභ්‍යන්තර කාරණා නිසා මෙන්ම චීනයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ද ලෝකය තුළ යහපත් ප්‍රතිචාරයක් නොතිබිණ.එය තව දුරටත් ව්‍යාකූල කරමින් එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන අතරේම,ඒවා සම්බන්ධයෙන් චීනය තවත් සැකයට බඳුන්වන ආකාරයෙන් බීජී 2022 ප්‍රකාශක යැන් ජිආරෝන් දැඩි අදහස් දැක්වීමක් සිදු කළේය.එසේම යැන් මෙහිදී ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව හා ඒකාබද්ධව පවත්වන අවසාන මාධ්‍ය හමුව බව ද එහිදි අවධාරණය කිරිමෙන් ලෝකයට චිනයේ දඩම්බරකම ගැන අවධාරණය කරන්නට ද කටයුතු කළේය.

චීනයේ ෂින්ජියෑන්ග් හී වෙසෙන උයිගුරු ඉස්ලාමිකයන් සම්බන්ධයෙන් දක්වන මානවීය නොවන ප්‍රතිචාර සහ ශ්‍රමය හූරාකෑම සම්බන්ධයෙන් එල්ල වෙන මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා මෙන්ම චීන තායිපේ රාජ්‍යයට ස්විය ස්වාධීනත්වය තබාගෙන කටයුතු කිරීමට ඉඩ නොදෙමින් ගෙන යන බලාධිපතයයද මේ උළෙලට පෙර සිටම ලෝකයේ බොහෝ රටවල අප්‍රසාදයට හේතු වී තිබිණ.ඒ නිසාම චීනයට විරෝධය දක්වා මේ ක්‍රීඩා උළෙල වර්ජනය කළෝද සිටියහ.

චීනය මේ ප්‍රහාරාත්මක වචන පාවිච්චි කරන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවටය.එය රටවල් 206 ක නියෝජනයකි.ඒ කියන්නේ ලෝකය පිළිගත් ශිෂ්ට සම්පන්න සහ සදාචාරාත්මක ක්‍රමවේදයන්ට ඔවුන් අවනත නොව දඩබ්බරයන්ය යන පණිවිඩය යැන් හරහා චීනය ලෝකයට දෙමින් ඇත.මේ ක්‍රයාවලියේ හවුල්කාරීත්වයට චිනය හා එකඟ වෙන බවක් පෙන්වන්නේ රුසියාවය.ඔවුන් ද දැනටමත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ සැළසුම් සහගතව තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් තහවුරු කර ගත් කරුණු අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සමාව නොගෙන තහනමට ලක් වි සිටින්නේය. ඒ නිසා ඉකුත් ගිම්හාන ඔලිම්පික් උළෙලේදී මෙන්ම මේ ඔලිම්පික් උළෙලේදි ද රුසියානු ධජයක් ඉහළට නඟින්නට නැත.ඇත්තේ එරට ඔලිම්පික් කමිටුවේ ධජය ය.

මෙවර ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ විරෝධතාවය නොතකා චීන තායිපේ ධජය චීනයේ දී ම ඔසවන්නට දුන් අවසරය ද මෙහිදී වැදගත්ය.එයද චීනයේ අභිමානය පළුඳු වී කෝප ගන්නට තරමේ බරපතල හේතුවක්ය.එසේම රටවල් 13 ක් චීන තායිපේ රාජ්‍යය සමඟ සෘජු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹා තිබීම මෙන්ම චීනය යුරෝපය සමඟම තරහවක් ඇති කරගෙන සිටින ලිතුවේනියාව එරට තානාපති කාර්යාලයක් විවෘත කිරිමද චීනයට ලෝක කේන්තියක් ඇති වීමට හේතු වී ඇත.

රට අභ්‍යන්තරයේ බලහත්කාරයෙන් උයිගුරු මුස්ලිම්වරුන්ගේ ශ්‍රමය අවභාවිතා කිරීම, මිලියනයකට වැඩි පිරිසක් සිර කඳවුරුවල රඳවා තබා ගැනීම, බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණ සිදු කිරීම සහ ෂින්ජියෑන්ග් කලාපයේ උයිගර් උරුමය හිතාමතාම විනාශ කිරීම යන චෝදනා ද චීනයට බරපතල විදිහට එල්ල වී ඇත.

යාන්ගේ මතය සම්බන්ධයෙන් මාර්ක් ඇඩම්ස් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව වෙනුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ ” යාන්ගේ මාධ්‍ය සාකච්ඡාවේ කරුණු IOC වලට විශේෂයෙන් අදාළ නොවන” බවය. ඔහු අවධාරණය කළේ, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන ඉතා සැලකිලිමත් වන බවය.යාන් දැක් වූ අනෙකුත් අදහස් සම්බන්ධයෙන් සොයා බැලීමට මැද්හත් විය යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන බව ද ඇඩම්ස්ගේ අදහසයි.

යාන් මේ අදහස් දැක්වීමේදී සැළකිල්ලට නොගත් ප්‍රධානම කාරණයක් වන්නේ තරගාවලිය ආරම්භයට පෙර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, චීන නායක ෂී ජින්පින් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට ෂින්ජියැන්ග් වෙත “විශ්වාසනීය සංචාරයක්” කිරීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ගුටරේස් පවසා තිබීමය.

එවැනි වාතාවරණයක යාන් මේ ප්‍රකාශය කරන්නේ බීජීං 2022 ප්‍රකිශයා ලෙස පමණක් නොව චීනයේ ප්‍රකාශකයෙක් විදිහටය.ඊට සහය දක්වන්නට ඉදිරිපත් වී සිටින රුසියාව සිටින්නේ චීනයට උඩය.ආසියාව තරමටම මේ රටවල් දෙකේ භූමි භාගයන් එක් කර බැලූ විට විශාලය.එවැනි වාතාවරණයක යුක්රේනය රුසියාවේ පීඩාවට ලක්වෙමින් සිටින්නේය.අනෙත් පසින් චීනය චීන තායිපේ වෙත තර්ජන,ගර්ජන කරමින් යටත් කර ගැනීමේ අභිලාෂයෙන් පසුවන්නේය.මේ තත්ත්වය දැන් පිට්ටනියෙන් එළියට පැමිණ කරන ගහගැනීමකට ආසන්නයේ පවති.ඔවුන් දෙදෙනා එළියට පැමිණි ඔලිම්පික් හරහා අභියෝග කරමින් ගහගන්න කතා කරන්නේ ලෝකයටමය.ඒ නිසා සීතල හිම මත පැවත්වෙන ශිත ඔලිම්පික් උළෙල යනු ඕනෑම මොහොතක ගිනි ගත හැකි තැනක්ය යන අවබෝධයෙන් ලෝකය දෙස බලා සිටීම වැදගත්ය.

RM

යැන් ජිආරෝන්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan