ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම් බවත් එසේ ඉදිරිපත් වන්නේ සමස්ත ඡන්දවලින් 51%ක ප්රතිශතයක් ලබාගැනීමට හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ “දේශය” පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ තම අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බහුතර පක්ෂ එකඟතාවක් ඇති වුවහොත් එය තම ජනාධිපතිවරණ සටනට විශාල ජවයක් වනු ඇති බවයි.
ජනාධිපතිවරණයට පිවිසෙන්නේ කවර පක්ෂයකින්දැයි කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ධම්මික පෙරේරා මහතා පවසා ඇත්තේ තමන් දැනටත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු බව ය.
RN