ධම්මිකගේ ඩීපී එඩියුකේෂන් ආසියාවේ අංක එකට !

Date:

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යන ඩීපී එඩියුකේෂන් වැඩසටහන ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබේ.

ඒ, පසුගිය සතියේ තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Bett Asia සම්මාන උළෙලේදී ය.

මෙම සම්මානය පිරිනමනු ලබන්නේ පාසල් අධ්‍යාපනය නවීකරණය සඳහා නිර්මාණශීලී නවීන තාක්ෂණික විසඳුම් භාවිතා කරන අධ්‍යාපන වැඩසටහන් සඳහා ය.

වාර්ෂික පවත්වනු ලබන Bett Asia සම්මාන උළෙලේදී ආසියා පැසිෆික් කලාපය තුළ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරන අධ්‍යාපනික තාක්ෂණ ප්‍රවණතා නිර්මාණකරුවන් සහ නවෝත්පාදකයින් ඇගයීමට ලක් කරනු ලැබේ.

ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ජපානය, කොරියාව, සිංගප්පූරුව සහ චීනය යන සෙසු තරගකරුවන් අබිබවා ඩීපී එඩියුකේෂන් ආයතනය මෙහිදී ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් පළමු ස්ථානයට පත්වීම විශේෂත්වයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 28) දිනයේදී උතුරු, උතුරු-මැද,...