නොවැම්බරයේදී අධ්‍යාපනයේ වෙනසක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි අයවැය මගින්, පාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

තවද, විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල දී විදුහල්පති පත්වීම් 4718ක් ලබා දෙන බවත්, එම අවස්ථාවේදීම ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක් පුරවමින් ගුරු උපදේශක සේවා විෂමතා ඉවත් කර එම සේවාවට අදාළ පුරප්පාඩු පිරවීමටත් ක්‍රියා කරන බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, සමස්ත අධ්‍යාපන පද්ධතියේම මානව සම්පත් ඌනතා ලබන ජනවාරි වන විට අදියරෙන් අදියර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවයි

අධ්‍යාපන පරිවර්තනීය වෙනස තුළ සිදු කරනු ලබන ව්‍යුහාත්මක වෙනස්කම්වල දී සියලු දෙනාට ම ඊට අනුගත වීමට සිදුවන බවද අමත්‍යවරයා පෙන්වා දුන් අතර, 2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේ දී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූල ව වැඩි කර 2030 වසර වන විට සියලු ම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ ලබා දීමට ක්‍රියා කරන බවත්, ඊට ප්‍රතිපාදන සලසා ගැනීමට අදාළ සාකච්ඡා ප්‍රංශ රජය ඇතුළු අදාළ පාර්ශව සමග මේ වන විට සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියා.

මේ සියල්ල මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ නොවී පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා තිරසාර අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ලෝකය ම මුහුණ පා සිටින යුද ගැටුම්, දේශගුණ විපර්යාස, වසංගත වැනි ව්‍යසන හමුවේ මේ අධ්‍යාපනික අභියෝග ජයගත යුතුව පවතින බවත් සඳහන් කළේය.

මුලතිව් මල්ලාවි මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ එක් වෙමින් මේ අදහස් පළ කළ අමාත්‍යවරයා 70-77 යුගයේ දිවයිනේ අන් ප්‍රදේශවලට සාපේක්ෂව උතුරු පළාත ලබා තිබූ කෘෂිකාර්මික දියුණුව පිළිබඳවද සිහිපත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ එම පළාතටත් මෙම මානව හා භෞතික සම්පත්වල ප්‍රතිලාභ නොමඳව සලසන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...