ජනාධිපතිගේ සහ සෞඛ්‍ය ඇමතිගේ ඒකාබද්ධ කැබිනට් යෝජනාවට අනුමැතිය!

කොළඹ LNW:ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සදහා පදනම් කරගත යුතු ප්‍රමිතීන් හා නිර්නායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒකාබද්ධවයි මෙම කැබිනට් පත්‍රිකාව යොමුකර තිබුණේ.

එමෙන්ම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදී වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට ඉදිරිපත් වූ යෝජනාවන්ට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...