*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

සඳුන් අංජනයකින් මිගමුව වෙරළ ඇස හැඩ වෙයි – තරග සජීවීව වොලිබෝල් මුහුණු පොතින්

මීගමුව වෙරළ තීරය පාදක කරගෙන පැවත්වෙන 75 වන නිදහස් සමරු කුසලාන මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය 2022 දිනයේ පළමු දවසේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කුසලානය සම්බන්ධ බලාපොරොත්තු ඉහළට ඔසවා තැබූහ.ඒ අතරින් 26 හැවිරිදි අංජන සංදීප සහ 30 හැවිරිදි සඳුන් මධුශංක ඊයේ දවසේ මීගමුව වෙරළේ චමත්කාර ජනකම තරගකරුවෝ වූහ.ශ්‍රී ලංකා අංක තුන කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසි එම ක්‍රීඩකයින් තිදෙනා තත්වානුකූලව තරගයේ හැඩයට අනුගත වෙමින් පෑ දක්ෂතා ප්‍රශස්ත මට්ටමක තිබිණ.

අංජන සහ සඳුන් ඊයේ දිනයේ තරගකාරි සහ වේගවත්ම තරගය 19 – 21,21 – 19 සහ 15 – 12 ක් ලෙස ජය ගත්තේය.ඒ මාල දිවයිනේ ඉස්මයිල් මජීඩ්ට සහ අදාම් නසීම්ට එරෙහිවය. මුළු ලකුණු 107 ක් දෙපිළ වෙත හිමි වූ තරගයක් වුව ද ගත වී තිබුණේ විනාඩි 48 කි.එසේම ඔවුන් දෙදෙනා ඊයේ දවස තුළ ජයග්‍රහණය වෙනුවෙන් නොසැලී කරන ලද ප්‍රශංසනීය සටන්කාමී බව ඉරානයේ ශිනා සුකාලි සහ මුජාබා අරෝ ට එරෙහිව තරගයේදි ද කැපී පෙණින.විනාඩි 52 ක් වූ ඊයේ දිනයේ වැඩිම වේලාවක් පැවති පිරිමි තරගය වූ එහිදී දෙපිළේ ලකුණු එකතුව 97 ක් විය.එහිදී පළමු වටය ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 21 – 16 ක් ලෙස ය.දෙවන වටයේදී ප්‍රබල පීඩනයක් ඇති කළා ඉරාන ක්‍රීඩකයින්ට තරග වටය ජයග්‍රහණය කරන්නට ඉඩ නොඳුන් සඳුන් සහ අංජන එම වටයේ ජය අත් නොහැර දිරියෙන් සටන් වැද ලකුණු 31 -29 ක් ලෙස ජයගත්තේ මුළු මීගමු වෙරළටම වෙරළ වොලිබෝලයේ චමත්කාරජනක ආනන්දය එකතු කරමින්ය.

පිරිමි අංශයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම් ත්‍රිත්වයෙන් නලීන් පෙරේරාට සහ මලින්ත යාපාට පමණක් පරාජයේ තිත්ත රස භුක්ති විඳින්නට විය.ඒ ඉරානය නියෝජනය කරන ශිනා සුකාලි සහ මුජාබා අරෝ සහ මාල දිවයින නියෝජනය කරන ඉස්මයිල් මජීඩ් සහ අදාම් නසීම් වෙතින් ද පකිස්තානයේ මුබාසර් රාසා සහ අබුෂාර් වෙතින් ය.නමුත් ඉරාන තරගයේදී 24 – 22 , 13 – 21 සහ 15 – 10 ක් ලෙස ඉරාන ක්‍රීඩකයන්ට විශාල පීඩනයක් ඇති කරමින් තරගය පැයකුත් විනාඩි අටක් පරා රැගෙන යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්කම් පෑහ.මලින්ත සහ නලින් ඉරාන ක්‍රීඩකයන්ට පරාජය වෙන්නට පෙර මාල දිවයිනේ අදාම් නසිම් සහ ඉස්මයිල් මජිඩ් වෙතින් පරාජයට පත් වූයේ තරග වට 2-0 ක් ලෙසය.දිනයේ අවසාන පරාජය ඔවුන් දෙදෙනාට උරුම කර දුන්නේ පකිස්තානයේ මුබාසර් රාසා සහ අබුෂාර් ය.නමුත් ඊයේ දවසේ පෙරළිකාරයන් වූ අංජන සහ සඳුන් නලින් සහ මලින්ත පරාජය කළ මාල දිවයින සහ ඉරාන ක්‍රීඩක යුගලයම විශිෂ්ට තරග රටාවක් ප්‍රදර්ශනය කරමින් පරාජයට පත් කළ ආකාරය ප්‍රශස්තය.ශ්‍රී ලංකාවේ ගෞරවයට හේතුවක්ය.
ඒ අනුව ඊයේ දවසේ කැපී පෙණුනම තරගකරුවන් දෙපළ වන්නට අංජන සහ සඳුන් සමත් වුව ද ශ්‍රී ලංකාවේ අංක එක කණ්ඩායම නියෝජනය කරන ඉන්දික ටිරෝන් සහ අශේන් රශ්මික ද අපරාජිතයෝ ය.ඒ අපරාජිත කණ්ඩායම් අතරට පකිස්තානයේ මුබාසර් රාසා සහ අබුබසර් ද,ඉරානය නියෝජනය කරන මහදි මෆොෂි සහ අලි ගොර්බාන්පසන්දි ද එක් වෙති.

පළමු දිනයේ කාන්තා අංශයේ දී ශ්‍රී ලංකාවේ දිනේෂා ප්‍රසාදිනී සහ දීපිකා බණ්ඩාර නියෝජනය තරන කණ්ඩායමත්,හර්ශනී මල්ෂා සහ චතුරිකා වීරසිංහ නියෝජනය කරන කණ්ඩායමත්,මාලදිවයිනේ අමිනාත් රුධයිනා සහ හව්වා නසීමාත් අපරාජිතව සිටින්නෝ වෙති.ඒ අතරින් මාල දිවයින ක්‍රීඩිකාවෝ දෙදෙනා උස්බෙකිස්තානයේ මන්ලොනොවා නුෂීමා කීශි සහ සුල්තාන්බොඒවා නොදීරා පරාජය කළ අතර එය වට 2 -1 ක ජයග්‍රහණයකි.නමුත් එම ක්‍රීඩිකාවන් දෙදෙන පරාජයට පත් කළ උස්බෙකිස්තාන ක්‍රීඩිකාවන් දෙදෙනා ඊට පෙර අවස්ථාවේදී චතුරිකා සහ හෂිනි ඉදිරියේ පරාජයට පත් වූයේ 21- 6 සහ 21 – 4 ක් වූ ලකුණු සටහනකට අනුව වට 2-0ක් ලෙස ය.ඊයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතරින් පරාජයට පත් වූ එකම කණ්ඩායම වූයේ ෂෙහානි අසංගා සහ නිර්මාණි සුලෝචනා නියෝජනය කරන කණ්ඩායමය.ඔවුන් පරාජයට පත් වූයේ ශ්‍රී ලංකා අංක එකේ කණ්ඩායම වන දීපිකා බණ්ඩාර සහ දිනේෂා ප්‍රසාදිනි නියෝජනය කරන කණ්ඩායම හමුවේය.නමුත් ෂෙහානි සහ නිර්මාණි ඊයේ උදැසන තමන් මුහුණ දුන් පළමු තරගය විනාඩි 30 න් නිමා කරේ වට 2-0 ක ජයක් ලෙස ය.ඒ මාල දිවයින වෙනුවෙන් තරග වඳින අයිෂාත් මදීජා සහ අමිනාත් අරීශා පරාජය කරමින්ය.

තරගාවලියේ දෙවන දවස අද මීගමුව වෙරළ තීරයේදි ක්‍රියාත්මක වන අතර එය සජීවීව https://bit.ly/35bm8Tu මෙම පිවිසුම ඔස්සේ නැරඹිමේ හැකියාව ඇත.හෙට අවසාන දවසේ සජීවී විකාශය සිඳුවන්නේද ඒ ආකාරයටමය.ජාතික ක්‍රීඩාව වොලිබෝල් ය.වෙරල වොලිබෝල් අන්තර්ජාතික මට්ටමේ තරගාවලියකදී ඒ ජාතිකත්වය වගකිව යුතු රටේ අභිවෘද්ධිය පිණිස වැඩ කරන බව කියන නාලිකාවන්ට මෙන්ම අනුග්‍රාහකයන්ටද අමතක විම කණගාටුදායකය.නමුත් තරගාවලිය සාර්ථක කර ගැනීමට උරදෙන අනුග්‍රාහකයන්ගේ ජාතික ක්‍රීඩාව ගැන හැඟීම අගය කළ යුතුය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan