අපේ ඉලක්කය ජනාධිපතිවරණය නෙවෙයි අලුත් සංස්කෘතියක් ඇති කිරීමයි – දිලිත්ගේ අළුත් ගමන!

Date:

කොළඹ LNW:දෙරණ මාධ්‍ය ජාලය ඇතුළු මෙරට ප්‍රකට සමාගම් කිහිපයකම සභාපතිවරයකු වන දිලිත් ජයවීර මහතා නායකත්වය දරන ‘මව්බිම ජනතා පක්ෂයේ’ (MJP) කොළඹ 08 උද්‍යාන මාවතේ පිහිටි මූලස්ථාන කාර්යාලය අද (11) දින පෙරවරුවේදී විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියේය.

මෙහිදී දිලිත් ජයවීර මහතා අදහස් දක්වමින් පැවසුවේ රටේ මහා සභ්‍යත්වය සිංහල බෞද්ධ යන්න මතක තබා ගත යුතු වන බවයි.

ඉස්ලාම්,කිතුනු සියලු දෙනාම තමන්ගේ මිත්‍රයන් වන අතර ජාතීන් අතර අනවශ්‍ය ප්‍රශ්න සෑදීම නිසා රට සංවර්ධනය කළ නොහැකි වී තිබෙන බැවි ජයවීර මහතා පැවසුවේ.

”සියලු ජාතීන් එකට ඉන්න ඕන. අපි එක ධජයක් යටතේ එකතු උනේ නැත්නම් සංවර්ධනය කරා යන්න බෑ. මේ රට ව්‍යවසායකත්ව රටක් බවට පත්කරන්න ඕන. හේමා අයියා අපට මේ පක්ෂය දන් දුන්නා. මෙය ශ්‍රී ලාංකීය දේශපාලනයේ රික්තකය පිරවීමට ආපු පක්ෂයක්. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ආපු එකක් නෙවෙයි. අපේ බලාපොරොත්තුව දේශපාලකයින්ට නව සංස්කෘතියක් ලබාදීම. මේ රට ඇද වැටී ඇති ආර්ථික ප්‍රශ්නවලට විසදුම් ලබාදෙන්න කණ්ඩායමක් විදිහට අපට හැකි වේවි. ජනතාව ඊලග මැතිවරණ වලදී හොද තීරණයක් ගනීවී කියලා හිතනවා. මේක තරුණයින්ගේ පක්ෂයක්. භූගෝලීය දේශපාලනය තුළ ප්‍රතිපත්ති දේශපාලනයක් කලාපයේ රටවල් සමග කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දන ගුණතිලක නික්ම යයි !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු...

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...