මගෙ අප්පච්චි හුස්ම ගත්තෙ අපි පරිත්‍යාග කළ මැෂින් එකෙන් – ජැක්සන් පුත් සජිත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජැක්සන් ඇන්තනී මහතා මිය යන මොහොත දක්වා භාවිතා කළ වෙන්ටලේෂන් යන්ත්‍රය තම පියා වෙනුවෙන් ඥාතීන් විසින් පරිත්‍යාග කළ යන්ත්‍රයක් බවත්, ‍එය තවත් රෝගීන් බොහෝ දෙනෙකු වෙනුවෙන් තවදුරටත් ජාතික රෝහලේ ක්‍රියාත්මක වනු ඇති බව, ජැක්සන් ඇන්තනී මහතාගේ පුත් සජිත ඇන්තනී මහතා අවමංගල සභාවේ ස්තූති කතාව සිදුකරමින් කියා සිටියේය.

එහිදී සජිත ඇන්තනී මහතා තම ආදරණීය පියාණන් පිළිබඳ මෙසේද පැවසීය.

“මට මතකයි අපේ අප්පච්චි ඔපරේෂන් එකෙන් පස්සේ ඇත්තටම ඒ ඔපරේෂන් එක ඉතා සාර්ථකව සිදුවුණා. මගේ අප්පච්චි අපි අනතුර වෙලා රෝහල්ගතකරනකොට තියෙන තත්ත්වය ඉතාම හොඳ ප්‍රගතියක් අපි දැක්කා මගේ අප්පච්චි ටිකෙන් ටික වර්ධන වෙන හැටි දැක්කා. දකුණු අත විතරයි මුලින් හෙළෙව්වේ. පස්සේ වම් අත හොලවන්න ගත්තා. පස්සේ කකුල් හොලවන්න ගත්තා. අපි ගිහිල්ලා සින්දු කියනකොට අත්වලින් නටන්නත් පටන්ගත්තා. ICU වන් හි තාත්තාව බලපු සියලුම විශේෂඥ වෛද්‍යවරු හෙද හෙදියන් සහාය කාර්යමණ්ඩලය අනේ ඒ අයට බොහෝමත්ම ස්තූතියි. “

“මම යම් විදියකට කල්පනා කළා මගේ අප්පච්චිට හුස්ම දෙන ඒ මැෂින් එක දිහා බලාගෙන මැෂින් එකක් මිලදීගෙන හොස්පිටල් එකට පරිත්‍යාග කරන්න ඕන කියලා. මැෂින් එකක් මිලදීගත්තා. ඒකට උදව් කරපු සියලුදෙනාට ස්තූතියි. ඥාතීන් තමයි අපිට උදව් කළේ. අපේ අප්පචිචි අන්තිම හුස්ම හෙලනකල් හුස්ම ගත්තේ අපි හොස්පිටල් එකට පරිත්‍යාග කරපු මැෂිමකින්. මේ වෙනකොට ඒ මැෂින් එක තව රෝගියෙකුට සම්බන්ධ කරලා හුස්ම දෙනවා ඇති.”

ලෙස ඔහු තම පියාණන් වෙනුවෙන් පැමිණි සියළු දෙනාට ස්තූතිය පිරිනැමීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...