අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 07ක් විවෘත වේ.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

ඉහළ මහවැලි පෝෂක කලාපයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොල්ගොල්ල ජල හැරවුමේ වාන් දොරටු 07ක් අද (12) පස්වරුවේ විවෘත කිරීමට එහි කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 7000ක ජල ධාරිතාවයක් පහළ වික්ටෝරියා ජලාශයට මුදා හැරේ. ජලාශයේ ජල මට්ටම් ඉහළ යාමත් සමඟ දොරටු විවෘත කරන බැවින් පහළ ප්‍රදේශයේ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙස ද එම කාර්යාලය මහජනයාට දැනුම් දෙයි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම පැවැතුණ නමුත් මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශ පහෙහි ජල මට්ටම් මේ වන තුරුත් පවතින්නේ පහළ මට්ටමේය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අද නිකුත් කළ දත්ත වාර්තාව අනුව රන්දෙණිගල ජලාශය පිටාර මට්ටම පැමිණීම සඳහා ඊට 89%ක ජල ධාරිතාවක් අවශ්‍ය වේ.

වික්ටෝරියා ජලාශය වාන් දැමීමට නම් ඊට 61%ක ජල ධාරිතාවක් අවශ්‍ය අතර කොත්මලේ ජලාශයට 30%ක ජල ධාරිතාවයක් අවශ්‍ය වේ.

රන්ටැඹේ ජලාශය වාන් දැමීම සඳහා තවත් 33%ක ජල ධාරිතාවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...