මහ වැසි නිසා පස් බැම්ම කඩා වැටී පැරණි රජවාසල මාලිගාවට අවදානමක්

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

මහනුවරට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ශ්‍රී දළදා මාලිගාවට නුදුරින් පිහිටි පැරණි රජවාසල මාලිගාව ඉදිරිපිට දිය අගල ආසන්නයේ බැම්මේ කොටසක් කඩා වැටී තිබේ.

පැරණි රජවාසල මාලිගාව ඉදිරිපිට කෙටසක් මෙලෙස කඩා වැටීම නිසා එම මාලිගාවට ද යම් අවදානමක් මතුවී ඇත.

මීට වසර තුනකට පමණ ඉහතදී මෙම බැම්මේ විෂ්ණු දේවාලය ඉදිරිපට කොටස කඩා වැටුණු අතර එහි ඉදිකිරීම් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් නිම කරන ලද්දේ මීට මාස දෙකකට පමණ ඉහතදීය. එහි ඉදිකිරිම් සිදුවන අවස්ථාවේදී ද මීට මාස 06කට පමණ ඉහතදී කොටසක් කඩා වැටීමට ලක්විය.

රජ මාලිගාව ඉදිරිපිට කොටසක් කඩා වැටුණු බැවින් ස්ථානය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ. ඒ අනුව නිලධාරී කණ්ඩායමක් අද ස්ථානීය පරීක්ෂාවක් සිදුකර ඇති අතර ප්‍රතිසංස්කණ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට නියමිතය.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...