ආශිංෂ කයිරෝ නුවරදී අවසන් 32 න් නවතියි

Date:

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වසරේ ජාත්‍යන්තර බැඩිමින්ටන් පිටියේ අවස්ථා ගණනාවකදී පෙනී සිිටි ආශිංෂ හේරත් ඊජිප්තු ජාත්‍යන්තර තරගාවලිය අවසන් 32 අතරට පැමිණ අවසන් කළේ ඉතාලියේ ක්‍රිස්ටෝපර් විටෝරානි අභිබවා යාමට නොහැකි වූ බැවින්ය.විනාඩි 27 කාලයක් පැවති 20 හැවිරිදි ක්‍රිස්ටෝපර් සහ 18 හැවිරිදි ආශිංෂ අතර තරගය නිමා වන විට ලකුණු පූවරුව දැක් වුණේ 21 – 9 සහ 21 – 13 ලෙසය.ඊාජප්තුවේ කයිරෝ පිටියේ පැවත්වෙන ජාත්‍යන්තර ‍ශ්‍රේණිගත කිරිම් තරගාවලියක් වන මෙම තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින් අතර. ක්‍රිස්ටෝපර් විටෝරානි තෙවන තැනට සිටින ක්‍රීඩකයා වන්නේය.


විරේන් නෙත්තසිංහ,ආශිංෂ හේරත් මෙන්ම රනිත්මා ලියනගේ වැනි ලාබාල ක්‍රීඩක ක්‍රිඩිකාවන් ජාත්‍යන්තර මට්ටමෙන් වැඩි තරග අත්දැකීම් සඳහා යොමු වීම වැදගත් අතර එය අනාගත ආයෝජනයක් ලෙස සැළකිය හැකිය.කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන ආශිංස ඉදිරි දින කිහිපයේදී අබුඩාබී මාස්ටර්ස් තරගාවලියේදී අවසන් 32 අතර තරග වැදීමට නියමිතව සිටියි.ඒ එම තරගාවලිය පැවත්වෙන ඔක්තෝම්බර් 17 – 22 අතර කාලය තුළදී ය.එහිදී ඔහු තරග වදින්නේ මොහොමඩ් සලම් අල්මාරූස් සමඟය.
ඉන්දියාවේදී ඔක්තෝම්බර් 24 – 29 දක්වා කාලය තුළ පැවත්වෙන ඉන්ෆෝසිස් තරගාවලියද ආශිංෂ නියෝජනය කිරීමට නියමිත තරගාවලියකි.එහිදී ඔහුට 64 දෙනාගේ වටය නියෝජනය කරන්නට සිඳුවන අතර එහිදි හමුවන්නට නියමිත ප්‍රතිවාදියා වන්නේ ශ්‍රෙයානස් ජයිස්වාල් ය.මේ තරගාවලියට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් විරෙන් නෙත්තසිංහ ද සහභාගි වන අතර ඔහුට 64 දෙනාගේ වටයේදී හමුවීමට නියමිත ප්‍රතිවාදියා වන්නේ ඉන්දියාවේ ආර්යමාන් තන්ඩන්ය.


එසේම රනිත්මාගේ නම ද මේ මස 17 – 22 අතර ඇරඹෙන සිඩ්නි ජාත්‍යන්තර විවාත තරගාවලියේ තරග කාල සටහනේ දකින්නට ඇති අතර එහි තරග සැළස්ම සහ ඉදිරිපත් වීම් සළකා බලන විට රනිත්මාට ඉදිරියට යාමට විශලෙ අවස්ථාවක් තිබෙන බවද පෙනෙන්නට ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...