BREAKING NEWS: පැරඩයිස් බුසාන්හි හොඳම චිත්‍රපටය සඳහා කිම් ජිසොක් සම්මානය මෙවර ප්‍රසන්න විතානගේට!

Date:

දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK)සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ මහතා දිනා ගත්තේය. ඒ් ඔහු විසින් මලයාලම් බසින් අධ්‍යක්ෂණය කරන ලද පැරඩයිස් චිත්‍රපටය වෙනුවෙනි.

මෙවර මෙම සම්මානය සඳහා තරග වැදීමට ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්තානය, තායිලන්තය.ජපානය, පිලිපීනය, බංග්ලාදේශය, කාම්බෝජය යන රටවල විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දහයක් තෝරා ගෙන තිබුණ අතර පැරඩයිස් උලෙළ නියෝජනය කරන ලද්දේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටේම නියෝජනයක් හැටියටවීම විශේෂ කරුණකි. සම්මානය පිරිනැමුණේ අධ්‍යක්ෂවරයා වෙතටය. බූසාන් සිනමා උලෙළේ නිර්මාතෘවරයකු වන කිම් ජීසොක් නමින් පිරිනැමෙන මෙම සම්මානය ආසියානු කලාපයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්‌ගේ චිත්‍රපට සඳහා පමණක් සීමාවන්නකි.


1996 වසරේදී මුල්වරට ඇරඹුණු බූසාන් සිනමා උලෙළේ එවර විශේෂ ජූරි සම්මානය ප්‍රසන්න විතාන‌ගේ නිර්මාණය කරන ලද අනන්ත රාත්‍රිය චිත්‍රපටය දිනා ගත්තේය. එය ප්‍රසන්න නිර්මාණය කරන ලද දෙවැනි චිත්‍රපටය මෙන්ම ඔහු අන්තර්ජාතික අවධානය දිනා ගත් මුල්ම අවස්ථාව විය. බූසාන් උලෙළේදී විශේෂ ජූරි සම්මානයක් මුල්වරට පිරිනමන ලද්දේ අනන්ත රාත්‍රිය චිත්‍රපටය වෙනුවෙනි.

ලාංකේය සිනමාවේ වර්තමාන‌ පරපුර අන්තර්ජාතික අවධානය දිනා ගත් ප්‍රථම අවස්ථාව එය විය. එයින් පසු එහි 28 වැනි සම්මාන උලෙළේදී ප්‍රසන්න ආසියානු සිනමාවේ මුල් පෙළ සිනමාකරුවෙකු ලෙස දෙරටක් නියෝජනය කරමින් තරග වැද සම්මානයට පාත්‍රවීම බූසාන් උලෙළේ ද විශේෂ සිදුවීමක් විය. වර්තමානයෙහි ලොව මුල් පෙළේ අන්තර්ජාතික සිනමා උලෙළයන් අතර බූසාන් සිනමා උලෙළ ඉදිරියෙන් පවතින්නක් ලෙස විචාරකයෝ සළකනු ලබති.


ඉන්දියාවේ සුප්‍රකට සිනමාවේදී මනිරත්නම් ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරනු ලබන පැරඩයිස් නිෂ්පාදනය කරන ලද්දේ කේරළ චිත්‍රපට සමාගමක් වූ නිව්ටන් ෆිල්ම්ස් සමාගමයි.මනිරත්නම් විසින් ඉන්දීය නොවන අධ්‍යක්ෂවරයෙකුගේ චත්‍රපටයක් ලොව පුරාතිර ගත කරවන ප්‍රථම අවස්ථාව ද මෙය වන්නේය.
මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු යුවලක් වන රෝෂන් මැතිව් .දර්ශනා රාජේන්ද්‍රන් සමඟ මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු,සංජීව දිසානායක ඇතුළු නළු නිළියන් රාශියක් පැරඩයිස් සදහා රාංගනයෙන් දායක වෙති.
ඉන්දීය සිනමාවේ සම්මානනීය සිනමාශිල්පීන් වනරාජිව් රවී කැමරා අධ්‍යක්ෂණයෙන් ද ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද කේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද පැරඩයිස් සඳහා සම්මාදම්වූහ. දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් හා ට්‍රිලන් ශාස්ත්‍රි විධායක නිෂ්පාදනයෙන් පැරඩයිස් සදහා එ‍ක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...