දසුන් වෙනුවට කුසල් සහ චාමික

Date:

පකිස්තානය සමඟ පැවති තරගයේදී සිඳු වූ ආබාධයක් නිසා දසුන් ශානක වෙනුවට, ඉදිරියට පැවත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීසේ වගකීම කුසල් මෙණ්ඩිස්ට පැවරීමට තීරණය කර තිබෙනවා.එසේම කණ්ඩායමේ යම් කිසි අයෙක් ආබාධයකට ලක් වූ විට ඇතුළත් කිරීම සඳහා රැඟෙන ගිය චාමික කරුණාරත්නට දසුන් වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසීමට අවස්ථාව ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ එකඟතාවය ද හිමිව තිබෙනවා.
පසුගිය කාලය පුරාවටම නායකත්වය සහ ක්‍රිඩා කෞශල්‍යය අතින්ද යම් පසුබෑමක් සහිතව සිටි දසුන් ශානකට සමාන හැකියාවන් සහිතව සිටි චාමික,දසුන්ට වඩා යහපත් මට්ටමක දක්ෂතා දක්වා තිබුණත් නායකත්වයට කණ්ඩායමේ නිශ්චිත ස්ථානයක් තිබිය යුතු බැවින් කණ්ඩයමෙන් එළියේ රඳවා තැබුණා.ඒ නිසා මේ අවස්ථාවේ දසුන්ව ආබාධයකට ලක්වීම නිසා චාමිකට ලැබෙන අවස්ථාව දසුන් නිසාම ඇහිරි තිබුණ ඉඩක් ලෙස ගත හැකියි.


සිම්බාබ්වේ හි පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟද ඇතුළුව අවසන් එක්දින ඉනිම් 15 තුළ දසුන් සතුව ඇත්තේ ලකුණු 35 ඉක්මවා ගිය එක් ඉණිමක් පමණයි.ඒ නිසාම ඔහු යම්කිසි පසුබෑමක සිටින බව පැහැදිළි වන අතර කණ්ඩායමේ ස්ථානය සම්බන්ධයෙන් ඔහුට ගැටළුවක් නොවුණේ ඔහු කණ්ඩායමේ නායකයා නිසයි.


ඒ අනුව ශ්‍රි ලංකාව ඕසට්‍රේලියාවට මුහුණ දෙන තරගයේ සිට ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රි ලංකාව මෙහෙයවීමේ වගකීම කුසල් මෙණ්ඩිස්ට පැවරෙනවා.ඒ සමඟම බොහෝ විට ශ්‍රි ලංකාවේ පන්දු යැවීමේ අංශයේ දරුණු පසුබෑමක් දකින්නට ඇති නිසාත් ගෙවුණු තරග දෙකේදී ප්‍රතිවාදීන් ශ්‍රි ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 775 ක් ලබා ගෙන ඇති නිසාත් අවසන් තරගවලදී මෙන්ම,ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගවලදී විශේෂයෙන්ම දක්ෂතා දක්වා ඇති චාමිකව ද කණ්ඩායමට කැඳවන්නට ඉඩ තිබෙනවා.
දසුන්ගේ ඉවත්වීමෙන් ඇති වූ හිස්තැන් පුරවන කුසල් මෙන්ම චාමික ද ආසන්න කාලයන්වලදී ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම් මෙහෙයවා තිබෙන නායකයන් ද වෙනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...