විසඳුම ප්‍රචණ්ඩත්වය හෝ යුද්ධය නොවේ – විපක්ෂ නායක

Date:

පලස්තීනය සහ ඊශ්‍රාලය අතර මේ දිනවල මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමෙන් දෙරටේ ජනතාගේ ජීවිත සුරක්ෂිතභාවය තවදුරටත් සහතික වන බවත් කිසිදු අවස්ථාවක ප්‍රශ්නයක් විසදීමට ඇති එක ම විසඳුම ප්‍රචණ්ඩත්වය හෝ යුද්ධය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමා තාවකාලික සාමයකට වඩා ස්ථිරසාර සාමය විශ්වාස කරන හෙයින් එවැනි ස්ථිරසාර සාමයක් සඳහා වන විසඳුමකට දෙරටේ නායකයන් හමුවී එකඟ වන ලෙස ඉල්ලා සිටින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පලස්තීනයේ මෙරට තානාපති HE Dr. Zuhair Hamdallah Zaid මහතා හමුවේ කියා සිටියේය.

තවදුරටත් යුද්ධ කිරීමෙන් සිදුවන්නේ දරුවන්, මව්වරුන්, කාන්තාවන් ඇතුළු අහිංසක ජනතාව මියයෑම, තුවාල වීම හා විවිධ ආබාධ සහ අපහසුතාවන්ට ලක්වීම බැවින් මේ එළඹ ඇත්තේ තවදුරටත් දෙරට අතර යුද්ධමය තත්ත්වය පවත්වා ගෙන නොගොස් ස්ථිරසාර සාමයකට මුල පිරීම බව කියා සිටි විපක්ෂ නායකවරයා, ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන පුද්ගලයකු ලෙස තමාට මේ අවස්ථාවේ ඉල්ලා සිටීමට ඇත්තේ දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්ගේ ජීවිත තවදුරටත් අනතුරේ නොහෙලා ස්ථිරසාර සාමයක් කරා පියනගන ලෙස යි.

එසේම මෙම යුද්ධයෙන් ජීවිත හානි වූ, පවුල් අහිමි වූ දෙරටේම සිවිල් ජනතාව වෙනුවෙන් තමාගේ සාතිශය සංවේදය සහ කණගාටුව පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායකවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා ද එක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...