ඉන්දියාවේ සමරිසි අයිතීන් ස්ථිරයි, ඒත් විවාහයට බෝ දුරයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සුවිශේෂී තීන්දුවක් මගින් සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් සමරිසි පවුල් ඒකක සඳහා නීතිමය පිළිගැනීමක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය ඉන්දියාවේ සමාන අයිතිවාසිකම් සඳහා කැපවී සිටින ඉන්දියාවේ සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ අර්ධ ජයග්‍රහණයක් ලෙස සැලකේ.

අද (17) දින ඉන්දීය අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අපේක්ෂිත තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, රැස්ව සිටි සෙනඟ මධ්‍යයේ මෙම අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සජීවීව විකාශනය කරන ලදී.

සමරිසි ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු නීත්‍යානුකූල විවාහයන් වලට ඇතුල් වීම තහනම් කරන පවතින නීතියට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

සමරිසි ප්‍රජාව බොහෝ විට අපකීර්තියට පත්වන සමාජයක ඔවුන්ගේ අයිතීන් සඳහා වන අඛණ්ඩ වැඩපිළිවෙළෙහි තීරණාත්මක අවස්ථාවක් මෙම විනිශ්චය තුළින් සනිටුහන් කරයි.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ පැනවූ නීතියක් ලෙස සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කරන නීති ඉන්දියාව විසින් ඉවත්කොට සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කරනු ලැබුවේ 2018 ඔක්තෝබර් මස ය.

සබැඳි පුවත්;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...