*
Friday, October 18, 2024
spot_img

Latest Posts

පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදි වැඩි අවධානය ෂෙවෝන්, විශ්මි, දිනුර සහ දෙව්මිට

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති, පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පාසල් ඇගයීම සඳහා පවත්වන පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ දී,මෙවර වසරේ පාසල් ක්‍රීඩකයාට හිමි සම්මානය මරදාන සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩක ශෙවෝන් ඩැනියල් විසින් දිනා ගැනීමට සමත් වූ අතර වසරේ පාසල් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබා ගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නයි.
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහල කණ්ඩායම ද නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ ද දස්කම් දැක්වීමට සමත් වූ ශෙවොන්,පාසල් ක්‍රිකට් පිටිය තුළ පසුගිය වසර කිහිපයේ ඉතා කැපී පෙනෙන ප්‍රහාරත්මක පිතිකරුවෙකු ලෙස සිය අනන්‍යතාවය තහවුරු කර ගත්තා. දැනටමත් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩිකාවක්ව සිටින පාසල් ක්‍රීඩිකාවක් හැටියට මෙන්ම මේ වන විටත් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේද අවධානය දිනා ගත් ක්‍රීඩිකාවක්ව සිටිනවා. මෙවර සම්මාන උළෙලේ දී ෂෙවෝන් සහ විශ්මි දක්ෂතම පිතිකරණය සඳහාද සම්මානයට පිළිවෙලින් බාලක සහ බාලිකා අංශවලින් සම්මානයට පාත්‍ර වුණා.


පාසල් ක්‍රිකට් පිටියේ 22/23 වසර සඳහා හොඳම පන්දු යවන්නා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ගාල්ල මහින්ද විද්‍යාලයේ දිනුර කලුපහන සම්මාන දිනා ගනිද්දී බාලිකා අංශයේ එම සම්මාන ද්විත්වයම ගම්පහ රත්නාවලියේ දෙව්මි විහංගා දිනා ගත්තා. 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම ඉහළ දස්කම් දැක් වූ දෙව්මි, එම තරගාවලිය අවසානයේ සියලු කණ්ඩායම් සැළකිල්ලට ගෙන නම් කරන ලද හොඳම කණ්ඩායමේ ද සාමාජිකාවක් ලෙස නම් කරනු ලැබුවා.


දක්ෂතම පන්දු රකින්නා සම්මානය පානදුර සුමංගල විද්‍යාලයේ විශ්ව ලහිරු දිනා ගනිද්දී, දක්ෂතම පන්දු රකින්නිය ලෙස සම්මාන ලැබීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සුමුදු නිසංසලාට සුදුසුකම් හිමි වුණා.
විවිධ කෘණ්ඩ අතරේ ඇගයීමට ලක් වූ පාසල් අතර ඉතා දුෂ්කර පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් වූ අයුරු කැපී පෙණුනා.විශේෂයෙන් පසුග්ය කාලයේ සමාජ මාධ්‍ය ජාලාවන් හී විශාල අවධානයක් දිනා ගත් පොළොන්නරුව ජයසිරිපුර කණිෂ්ඨ විද්‍යාලයේ වන අලි ප්‍රහාරයන් සමඟ ඔට්ටු වෙමින් ක්‍රිකට් පුහුණුවට පාසල් එන ක්‍රීඩිකාවන් අතර සිටි හිරුෂිකා නිමන්ති බාලිකා පාසල් දෙවන කාණ්ඩයේ පන්දු යවන්නියන් අතර අනු සූරතාවය දිනා ගැනීම එවැනි දුෂ්කර පාසල්වලට ලැබුණු ඇගයීම සම්බන්ධයෙන් හොඳ උදාහරණයක්.


පහතින් දැක්වෙන්නේ එම පාසල සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට පෙර පළකරනු ලැබූ යුටියුබ් වැඩ සටහනක් වන අතර මෙම රුපමාලාවේද හිරුෂිකා දකින්නට ලැබෙනවා.මෙහි පවසන බොහෝ දුෂ්කරතා අදටද පවතින අතර මේ වන විට පැවත්වීමට සූදානම් වි තිබෙන පළමු ක්‍රිකට් තරගාවලියේදී බදුරලිය ක්‍රිඩා සමාජය නියෝජනය කරන්නට නියමිතව සිටින මෙම ඇගයීම ලද හිරුෂිකා මෙන්ම භාග්‍ය හර්ෂණි වෙනුවෙන් ද ක්‍රිකට් ක්‍රීඩා පාවහන් අවශ්‍යයතාවය සපුරා ගැනීමට ද හැකි කමක් නැති බව පැවසෙනවා.පහත වීඩියෝවේ පැවසෙන දත්ත අනුව එම අවශ්‍යයතාවය සපුරා දිය හැකි අයෙකුට ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතිනවා.


https://youtu.be/BolX4NZDJo8?si=2ZkfDm1J-dmnd6Sf

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan