ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීරත් කණ්ඩායමට එකතු වෙයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මොහොතේ ලෝක කුසලාන තරගාවලියේ පත්ව ඇති තත්ත්වයට හේතුව ක්‍රීඩක ආබාධ බවට හැඟවෙන ආකාරයේ තීරණයක් සමාජ ගත කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතෙන් ඇන්ජලෝ මැතිවිස් සහ දුෂ්මන්ත චමීර එකතු කරන්නට තීරණය කර ඇත.එහිදී හේතුව ලෙස දක්වා තිබෙන්නේ කණ්ඩායමේ ආබාධයන්ට ලක්ව සිටින ක්‍රීඩකයින් වෙනුවට යන්නයි.නමුත් තවමත් නිශ්චිතව ආබාධයට ලක්ව ඇත්තේ කවුද යන්න පැහැදිළි තොරතුරක් නැත.


මේ වන විටත් තෝරා යවා ඇති කණ්ඩායම නම් කිරීමට ප්‍රධාන වශයෙන් බල පෑ ප්‍රමෝදය වික්‍රමසිංහ කණ්ඩායම සමඟ රැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇති අතර ඔහු තේරිම් කමිටු සභාපතිවරයා ලෙස පත් වූ දා සිට ගනු ලැබූ නව තීරණ අතර කණ්ඩායමේ ශාරිරික යෝග‍යතාවය ඉහළින් සළකනු ලැබීය.එම තත්ත්වය ප්‍රමෝදය තේරීම් කමුටි සභාපතිවරයා ලෙස නම් කර ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම එය අනුමත කළ ක්‍රිඩා අමාත්‍යවරුන්ද විශ්වාස කළ කරුණකි.නමුත් ලෝක කුසලාන පරාජයන්ට ආබාධිත තත්ත්වයම හේතුවක් නොවුණත්,ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරිරික යෝග්‍යතා මට්ටම යහපත් තත්ත්වයක නැති බව පැහැදිළිය.


මේ ආකාරයෙන් බලන විට ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතෙන් ක්‍රීඩකයින් පත් කිරිමට වඩා අවධානය යොමු විය යුත්තේ තේරීම් කමිටුව අලුත් කිරීමට බව පැහැදිළිය.මේ මොහොතේ ද යම් යම් පුද්ගල කණ්ඩායම් සංවිධානාත්මකව කරන බලපෑම් අනුව සඳහන් වූ නම් තෝරමින් විවේචන රැල්ල ආ පස්සට හරවන්නට ශ්‍රී ලංකා තේරීම් කමිටුව උත්සාහ කරන්නේ දැයි සැක හිතෙන අතර විශේෂයෙන් ඇන්ජලෝ මැතිව්ස්ට වඩා ප්‍රබල ප්‍රහාරකයෙක් සම්බන්ධයෙන් අවධානය යොමු නොකර මෙම ලෝක කුසලාන තරගාවලියට ඇන්ජලෝ එකතු කිරීම විවාද සම්පන්නය.එසේම සුළු තරග අවස්ථාවකින් පවා නැවත නැවත ආබාධවලට ලක් විය හැකි දුෂ්මන්ත චමීර ආබාධිතයන් වෙනුවට කණ්ඩායමට එක් කිරීම යනු මේ මොහොතට සාපේක්ෂව කැහි ගෑණි දී හොටු ගෑණි ගැණි ගැනීමකට සමානය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...