රාජ්‍ය ඇමතිනී ඩයනාගේ සිද්ධිය සම්භන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ! කතානායකවරයා නියෝග කරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී ඇතිවූ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට කථානායකවරයා නියෝග කර ඇත.

ඒ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරා අතර පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී ඇතිවූවායැයි කියන සිද්ධිය පාදක කොටගෙනය.

ඒ සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇති අතර, එම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන අයද නම් කර ඇත.

අද පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතදී තමන්ට මන්ත්‍රීවරයෙකු විසින් පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අතර, ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවද මිනිත්තු 10කට කල්තබනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...

යුක්තිය මෙහෙයුමෙන් කළේ බොරුවක්ද? – මාස 05ට පොලීසිය හොයාගෙන තිබෙන අයිස් සහ හෙරොයින් තොගය!

කොළඹ LNW:පසුගිය මාස 05ක කාලය තුළ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ...