WADA දැලේ පැටළුණු උතුරු කොරියාව කොඩියත් සමඟ පැරා සහභාගීත්වය හකුළා ගනියි

Date:

ලෝක තහනම් උත්තේජක නීති සංග්‍රහයට අනුකූල නොවන බවට 2021 දී උතුරු කොරියාවේ තහනම් උත්තේජක විරෝධී නියෝජිතායතනය නම් කිරීමෙන් පසුව ඇති වූ තත්ත්වය මත උතුරු කොරියාව, ලෝක මට්ටමේ ක්‍රීඩා උළෙල නියෝජනයේදී සිය ධජය ප්‍රදර්ශනය කිරීමේ ගැටළුවකට මුහුණ දී ඇත.මේ තත්ත්වය මත උතුරු කොරියානු ධජය ප්‍රදර්ශනය කිරීමට ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙදී උතුරු කොරියාවට අවස්ථාව නොලැබෙන තත්ත්වයක් තුළ ඔවුන් එම ක්‍රීඩා උළෙලෙන් ඉවත් වී ඇත.


Hangzhou 2022 ආසියානු ක්‍රීඩා උළෙලේදී උතුරු කොරියාවේ ධජය සම්බනධයෙන් ආසියානු ඔලිම්පික් කවුන්සිලය වෙනස් මාවතක යමින් උතුරු කොරියානු ධජයට අවස්ථාව දුන්න ද, WADA විසින් නියම කර ඇති පරිදි, උතුරු කොරියාව WADA කේතයට අනුකූල නොවන බැවින්, එරට ධජය ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී කිසිදු ස්ථානයක පෙන්විය නොහැකි බව ආසියානු පැරාලිම්පික් කමිටුව විසින් උතුරු කොරියාවට දැනුම් දී ඇත.උතුරු කොරියාව තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන්නේ ඒ අනුවයි.


මේ තත්ත්වයම රුසියාවට එරෙහිවත් ක්‍රියාත්මක වන අතර උතුරු කොරියාවට මුහුණ දෙන්නට සිඳු වි තිබෙන මේ තත්ත්වය අනුව එරට අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සිය රටේ ක්‍රීඩාවේ සුබ සිද්ධිය සළකා ඔවුන් සිය තහනම් උත්තේජක පරීක්ෂණ ක්‍රියාවලීන් විදේශීය නිරීක්ෂණයන්ට විවෘත කිරීමට සූදානමින් සිටින බවය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...