ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය අනුව ශ්‍රමිකයන් රැකියාගත කරනවා – මනූෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව රැකියා අවස්ථා දහසක් ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රය තුළ, නිර්මාණය වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ පැවති ඊශ්‍රායල පලස්තීන ගැටලුව සම්බනධයෙන් විවාදයට එක් වෙමින් ඔහු පැවසුවේ, එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම ගැටුම් හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින සියලුදෙනා සම්බන්ධයෙන් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවත්, අමාත්‍යවරයා කියා සිටි අතර, ඊශ්‍රායලයේ රැකියා සඳහා යාමට සූදානමින් සිටින පිරිසගේ කැමැත්ත මත ඔවුන්ව පිටත් කර යැවීමට ද අවශ්‍ය පියවර ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...