උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙයි!

Date:

කොළඹ LNW:උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීමට බස්නාහිර පළාත් සභාව ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධීකරණය තීන්දු කළේය.

බස්නාහිර පළාතේ සමූපකාර පරීක්ෂකවරුන් 150 දෙනෙකු ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා කියා සිටියේ 1977න් පසු බස්නාහිර පළාතේ සේවයට බදවා ගත් සමූපකාර පරීක්ෂකවරුන්ගෙන් සුළු පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීම නීතියට පටහැනි බවයි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ මෙම පරීක්ෂකවරුන්ට ඉහළ වැටුප් තලයක් හිමිවන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව මහතා පැවසුවේය.

මේ අනුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද පෙරවරුවේ අදාළ තීන්දුව ලබාදෙන ලදී.

පෙත්සම්කරුවන්ට සිදු වූ අසාධාරණය සමනය කරන ලෙස බස්නාහිර පළාත් සභා නිලධාරීන්ට ද එහිදී නියෝග කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...