රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට අධිචෝදනා

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2018 අගෝස්තු සිට 2022 අප්‍රේල් දක්වා සිය පාලන කාලය තුළ රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණයක් විසින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට අධිචෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉම්රාන් ඛාන් සිය ධුර කාලය තුළ, වොෂින්ටනය සහ ඉස්ලාමාබාද් අතර රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් කාන්දු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලක්ව ඇත. මෙය එක්සත් ජනපදය සහ ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ ඉන්සාෆ් (PTI) පක්ෂ තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර කෙසේ නමුත්, ඛාන් මෙයට වරදකරු බවට පත් වන්නේ නම් වසර 14ක සිර දඩුවමක් හෝ මරණිය දණ්ඩනය ලැබෙනු ඇති බවයි ඔහුගේ නීතීඥයන් පෙන්වා දෙන්නේ.

හිටපු ක්‍රිකට් තරුවක් වූ ඛාන්, දකුණු ආසියානු ප්‍රාන්තයේ විශාල බිම් මට්ටමේ අනුගාමිකයෙකු සිටින දේශපාලනඥයෙකුවන අතර ඔහු 2022 අප්‍රේල් මාසයේදී රටේ ආර්ථිකය අවපාලනය කිරීම පිළිබඳ චෝදනා මත පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් නෙරපා හරින ලදී. එතැන් සිට ඔහු අපරාධ චෝදනා රැසකට මුහුණ දී ඇත.

ඔහුගේ ඉවත් කිරීම සහ අපරාධ චෝදනා තිබියදීත් ඛාන් විශාල මහජන සහයෝගයක් රඳවා ගෙන ඇති අතර 2023 මැයි මාසයේදී ඔහු කෙටි කලකට සිරගත කිරීමෙන් පසුව, ඔහුගේ ආධාරකරුවන් රටපුරා විරෝධතා වලදී වීදි බැස සිටි අතර හමුදාව සමඟ ගැටුම් පවා ඇතිකරගනු ලැබිය. පකිස්ථානයේ මිලිටරිය දරුණු මර්දනයකින් එයට ප්‍රතිචාර දැක්වූ අතර, ඛාන්ගේ ආධාරකරුවන් හා පක්ෂ නායකයන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ බොහෝ දෙනෙක් පක්ෂය හැර යනු ලැබිය.

ඉම්රාන් ඛාන්ට 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත මැතිවරණයට ඉදිරිපත් වීම ද තහනම් කර ඇති අතර පසුගිය සෙනසුරාදා(21), ඛාන්ගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා, තුන් වරක් අගමැති ධුරය දැරූ නවාස් ෂරීෆ්, නැවත මැතිවරණයට මුහුණ දීම සඳහා පැමිණ ඇති අතර එය ඛාන්ගේ දේශපාලනයට බලවත් තර්ජනයක් වනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...