රිටට එක මිටට දක්ෂයන්ගෙන් වර්ණවත් පිමි

Date:

මෙවරසමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ නිමා වූ පිටය ඉසව් අතරිව කැපී පෙණුනම ඉසව්ව බවට පත් වුණේ අවුරුදු 20 න් පහළ රිටි පැනීමේ ඉසව්වයි.එහිදී ක්‍රීඩකයින් හය දෙනෙකුම සමස්ත ලංකා වර්ණ දිනා ගැනීමට හැකි මට්ටමේ දස්කම් දැක්වීම කැපී පෙණුනා.මීටර් 4.20 ක උසක් තරණය කරමින් මෙහිදී පළමු තැන දිනා ගත්තේ සනත් ගුණරත්න යටතේ ඔහුගේ නිවස මූලික කරගෙන පවත්වා ගෙන යන රිටි පැනීමේ පුහුණුව සමඟ එකවන ඕෂධ ප්‍රනාන්දු යි.මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයට පළමු සහ දෙවන ස්ථාන දෙකම අයත් වූ අතර දෙවන තැනට පත් හස්තික වික්‍රමසේකර ද මාරිස්ටෙල්ලාවේම නියෝජනයක් සහ සනත් ගුණරත්නගේම නිෂ්පාදනයක්.

අප නිතර මේ ඉසව්ව ගැන අවධානය යොමු කරද්දී උතුරු පළාතේ දායකත්වය ද පවසනවා.මේ තරගයේ දී වර්ණලාභි ක්‍රිඩකයින් හය දෙනාගෙන් දෙදෙනෙක්ද උතුරට අයත් වූ ක්‍රීඩකයින්.දෙදෙනෙක් බස්නාහිර සහ අනෙක් දෙදෙනා දකුණට සහ උතුරු මැදට අයත් වූවා.තෙවන ස්ථානය දිනා ගත්තේ යාපනය වික්ටෝරියා විද්‍යාලයේ යූ සුජාතන්.ඔහු ඉක්ම වූ උස ප්‍රමාණය මීටර් 3.70 ක්.මේ උස ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රමාණවත් නොවිය හැකි බව ක්‍රීඩා ප්‍රවීනයන්ගේ අදහස විය හැකියි.එහෙත් ඒ ප්‍රවීනත්වයේ මිණුම් දඩුවලට හසු නොවන්නේ වන්නේ මේ ඉසව්ව මේ වන විට සීඝ්‍රයෙන් ඉදිරියට එමින් තිබීම රැක ගන්න සහ එය ජයග්‍රාහී මට්ටමක රඳවාගන්න අවශ්‍යය පහසුකම් පුළුල් කළ යුතු බවයි.

මහජන නියෝජිතයන් ක්‍රිඩාව ගැන කියා පාර්ලිමේන්තුවේ ක්‍රිකට්වල ඇති සල්ලි වෙනුවෙන් කතා කරනවා විනා සල්ලි නැති ක්‍රිඩාවන්ට සල්ලි හොයන්නට හෝ පහසුකම් වැඩි කිරීමෙන් ළඟා විය හැකි ඉලක්ක කතා නොකරන තත්ත්වයක් තුළ,සල්ලි තියෙන ක්‍රිකට් පරිපාලනය ඔවුන්ට වඩා යම් පියවරක් තබමින් සෙසු ක්‍රිඩාවන් දෙස අවධානය යම් තරමතට හෝ සිඳු කිරීම මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීමට වඩානම් යහපත් ලෙස සිතිය හැකියි.ඔවුන් සිය මහජන නියෝජිත වරප්‍රසාද භාවිතා කරන්නේ තමන්ගේ හෝ තමන්ට ලාභයක් ඇති හෝ හිතවතෙක් වෙනුවෙන් යම් යම් දේ දිනා දීමට වන අතර මේ වන විට සනත් ගුණරත්න ජාතික වටිනාකමක් දෙන සිය පර්චස් 30 ක භූඹි භාගය ද එවැනි නියෝජිතයෙක්ගේ ආශිර්වාදය ඇතිව යම් ප්‍රමාණයක් අහිමි වන ආකාරයේ ව්‍යාපෘතියකට අර අදින බව එම ප්‍රදේශවාසීන් පවසනවා.

රජයෙන් මහජන නියෝජිතයන් මැදිහත්ව පුහුණුව සඳහා වෙනම ඉඩක් වෙන් කර දීම ජාතික වගකීම සහ යුතුකම වුවත් සමහර විට විය හැක්කේ තිබෙන ඉඩමත් තමන්ගේ අභිප්‍රායන් සපල කර ගැනීම වෙනුවෙන් උදුරා ගැනීම ගැනීම විය හැකියි.එසේම අවුරුදු 20 න් පහළ යගුලිය වීසි කිරීමේ තරගයේදී ද පාසල් වර්ණලාභීන් හය දෙනෙක් බිහි වුණා.එය ජයග්‍රහණය කළ පානදුර රාජකීය විද්‍යාලයේ රන්හිඳ අල්විස් මීටර් 16.64 ක දුරට යගුලිය වීසි කර පාසල් වර්ණ දිනා ගැනීමෙන් නොනැවතී එම ඉසව්වේ නව උළෙල වාර්තාවද සිය නමට ලියා ගැනීමට සමත් වුණා.එම ඉසව්වත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන් ජාත්‍යන්තර මට්ටමට අකැප ඉසව්වක් ලෙස සළකන අතර අනුග්‍රහයන් සැළසීමේදී ඒ ගැන අවධානය යොමු කරන්නේ ඉතාමත් අඩුවෙන් බව දැක ගන්නට තිබෙනවා.විශේෂයෙන්ම තරබාරුකම ගැන පමණක් මේ ඉසව්වට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී සළකා බැලීම සම්ප්‍රදායක්ව පවතින අතර නමුත් අලුතින් සිතන පුහුණුකරුවන් මේ තත්ත්වයෙන් බැහැරව වේගය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙන බැවින් ඉසව්වේ වාර්තා අලුත්වීම වැඩි වෙමින් තිබෙනවා.

එයට පා චලනයන්ගේ වේගයට මේ වන විට යොමු වී ඇති අවධානය වැදගත් තැනක් ගන්නා අතර මේ ඉසව්වත් දැනට කර තිබෙන ආකාරයට පසෙකට නොදමා අවධානය යොමු කර වර්ධනය කළ යුතු ඉසව්වක් වෙනවා.පළමු දිනය නිමාවන විට අවසාන වී තිබුණ තරග ප්‍රතිපලවලට පහතින් පිවිසිය හැකියි.

ඡායාරූපයේ සිටින්නේ රිටි පැනීමේ ඉසව්වෙන් පළමු තැන දිනාගත් ඕෂධ (දකුණේ) සහ දෙවන තැන දිනා ගත් හස්තිකය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ලංකාව අසීරු අඩියක

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

වෙල්පල්ලෙ සැරසිල්ල – නෙත්මිව දිනන්න පුළුවන් වෙන්න රකින්න

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: රටක් නියෝජනය කරන්න එකම...