සියල්ල හොඳින් සිදු වෙනවා – ශෙහාන් සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව,ශ්‍රී ලංකාව තුළ, ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ආර්ථික තිරසරභාවය නිර්මාණය වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ තුළින් ඊට පසුබිම නිර්මාණය වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදී ඇති නිර්දේශයන් යනු දශක ගණනාවක් රටට අවශ්‍යව තිබූ ප්‍රතිසංස්කරණ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

එමගින් ශ්‍රී ලංකාව යළිත් පැවති ආකාරයේ ආර්ථික අර්බුදයකට මුහුණ නොදෙන තත්ත්වයට පත් වනු ඇති බවත්, දුෂණය අවම කිරීම, බදු ජාලය පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය සිදු කිරීම ව්‍යාපාර සඳහා විශ්වාසය ඉහළ නැංවීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ “මෙරට ආර්ථික වර්ධනය උදෙසා ආහාරපාන කර්මාන්තයේ දායකත්වය” මැයෙන් කොළඹ වාණිජ මණ්ඩලය සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...