ආසියානු පැරා බැඩ්මින්ටන් පිටියේ සංජීවගෙන් දස්කම්

Date:

චීනයේ පැවත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන සංජීව පෙරේරා මේ දක්වා තරග තුනකට සහභාගි වී තරග දෙකක් ජය ගන්නට සමත්ව සිටිනවා.සංජීව ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු ප්‍රතිවාදියා ලෙස දකුණු කොරියාවේ කවෑන්ග් ඉන්සු හමු වුණා.එහිදී සංජීව එම තරගය 21 – 14 සහ 21 – 11 ලෙස ජය ගන්නට සමත් වුණා.

සංජීව සහභාගි වූ දෙවන තරගයේදී ද වාර්තා වූ ලකුණු සටහන ඒ ආකාරයම ගත්තා.නමුත් එහිදී ලකුණු 21 -14 සහ 21 -11ලෙස ජය ගනු ලැබ්වේ තායිලන්තයේ චායිවර්ජිටි චමුදානා යි.එම තරගය පරාජය වීමෙන් පසුව ඊ ළඟ තරගයේදී සංජීව පෙරේරාට මුණ ගැසුණේ චීන හොංකොං කණ්ඩායම නියෝජනය කරන පැට්‍රිටික් ලී යන්ග් පින් වයි.ඔහු සමඟ වූ තරගය ලකුණු 21 – 12 සහ 21 – 3 ක් ලෙස පහසුවෙන් ජය ගන්නට සංජීව පෙරේරා සමත් වුණා.ඔක්තෝම්බර් 24 වන දා සංජීවට මුණ ගැසීමට ඇත්තේ තායිලන්තයේ සිරිපුන්ඩි මායිරම් වන අතර එහු සහ සංජිව තඅර තරගය පස්වන ක්‍රීඩා පිටියේදී පැවත්වීමට නියමිතව තිබෙනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...