කැබිනෙට්ටුව තුළ කළ අරුම පුදුම ඔලුගෙඩි හුවමාරුවක් ඔස්සේ සිය විහිළු සහගත බල දේශපාලනයේ අලුත්ම නාඩගම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් රඟ දක්වා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හරිත ආර්ථිකය, හරිත සංවර්ධනය වැනි සංකල්ප පිළිබඳ ව කතා කරමින් තමා පරිසරය ගැන ඉතා උනන්දුවක් දක්වන බව පෙන්වීමට උත්සාහ ගන්නා ජනාධිපතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කළ කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ව පරිසර අමාත්‍යවරයා ලෙස පත් කිරීම තුළින් සෞඛ්‍යය ක්ෂේත්‍රයට සිදු වූ පරිහානිය පරිසරයට ද සිදුකිරීමට ඇති ඉඩකඩ විවෘත කර දී ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
අනීතික ලෙස විදුලි බිල වැඩි කරමින් සෞඛ්‍යය ක්ෂේත්‍රය ඇතුළු අත්‍යාවශ්‍යය සේවා විනාශයට ගෙන යමින්, සිය බලය රැක ගැනීමට නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගයන්ට ඇතුළු වෙමින් සිදු කරන මේ විහිලු නාඩගම් සහ දේශපාලන සූදුව තවදුරටත් රටේ ජනතාව අනුමත නොකරන බවත් සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඒ මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN
