අයවැයෙන් සහන ඉල්ලා රාජ්‍ය සේවකයින්ගේ කෑම පැයේ විරෝධය!

Date:

කොළඹ LNW:මෙවර අයවැයෙන් රුපියල් විසිදහසක දීමනාවක් හෝ වැටුප් වැඩීමක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයින් අද (30) දහවල් කෑම පැයේ දී උද්ඝෝෂණයක නිරත විය.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් මම විරෝධතාව සංවිධානය කර තිබුණු අතර ඊට නිලධාරී, කළමනාකරන සේවා, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, පළාත් රාජ්‍ය සේවා ඇතුළු වෘත්තීන් ගණනාවක සාමාජිකයින් සහභාගී වී තිබුණි.

දිවයින පුරාම මෙම විරෝධය ක්‍රියාත්මක වූ අතර මෙම ජායාරූපවලින් දැක්වෙන්නේ බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට සංවිධානය කර තිබුණු විරෝධතාවේ දසුන්ය.

මෙවර අයවැයෙන් තම ඉල්ලීම්වලට විසදුමක් ලබානොදුනහොත් ඉදිරියේදී දැඩි වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද මෙම විරෝධතාවට සමගාමීව වෘත්තීය සමිති අවධාරණය කර තිබේ.

ජායාරූප අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/619/The%20lunch%20time%20protest%20of%20government%20employees

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් පාලන කොමසාරිස්ගේ අභිමතයට අභියෝග කරන්න හැකියාවක් නැහැ – මැ. කො ප්‍රශ්නය විසඳයි!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරු තෝරා ගැනීමේ...

මිලාන් රත්නායකට එක්දින වරම්…?

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: අද දිනයේ පැවත්වෙන් ශ්‍රී...

ඩේසි ෆොරොස්ට් සහ යෝෂිතට අධි චෝදනා භාර දෙයි!

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW : අද (02) දින...