සනත් නිශාන්තට එරෙහි පෙත්සම නොවැම්බර් මස 13 වනදා කැඳවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින්, අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා විභාග කිරීමට නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කර ඇත්තේ, අදාළ පෙත්සම් විභාගය සඳහා සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල වෙත යොමු කරන බවයි. එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් නොවැම්බර් මස 13 වනදා කැඳවීමට නියමිතය.

මෙම පෙත්සම් මීට පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහෙත් මෙම නඩු විභාගයෙන් විනිසුරු චමත් මොරායස් මහතා ඉවත් වීමෙන් අනතුරුව මෙම නව විනිසුරු මඩුල්ල වෙත අදාළ පෙත්සම් යොමු කිරීමට අභියාචනාධිකරණයේ සභාපතිවරයා තීරණය කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් වසරේ අගෝස්තු මස 23 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහෙස්ත්‍රාත්වරුන් කටයුතු කළ ආකාරය විවේචනයට ලක් කර ඇති බවය.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුට නිසි දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...