සිම්බාබ්වේ නැමීබියානු පරාජය කියවා ගැනීම

0
477

“සිම්බාබ්වේ ක්‍රිකට්” යනු ලෝකයට ඉතා ඉක්මණින් අභියෝගයක් වෙමින් නැඟිණ.ජෙෆ්රි ප්‍රයිකෝෆ්ට්ගේ සිට ෆ්ලවර් සහෝදරයන්,හීත් ස්ට්‍රික්.මබන්ග්වා,ටයිබු ලෙස එක පෙළට කියැවෙන සිම්බාබ්වේ ක්‍රිකට් නම් අතර අද වන විට දක්ෂයන් සේ ලෝකය ඉතිරිව සිටින්නේ සිකන්දර් රාසා සහ ක්‍රේග් එවන්ස පමණි.නිරන්තරයෙන් දක්ෂතා අපේක්ෂා කළ හැකි මේ දෙදෙනා ද සිටියදි එම කණ්ඩායම පසුගිය 30 වන දා අවසාන කළ තරග 3 න් සමන්විත වූ නැමීබියාව සමඟ වූ තරගාවලියෙන් 3-2 ක තරගාවලි පරාජයක් අත් කර ගත්තේය.
සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රිඩාවේ පරිහානියට දැඩිව බලපෑවේ එරට දේශපාලනයේ අතපෙවීම්ය.මුගාබේගේ අභාවයත් සමඟ යම් වෙනසක් සිඳුවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින සිම්බාබ්වේ සම්බන්ධයෙන් යම් ආකාරයක විශ්වාසයක් තබමින් මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායම් සෙවීමේ තරගාවලියේ සත්කාරකත්වය සිම්බාබ්වේට පිරිනමා තිබිණි.
එහෙත් සිය සත්කාරකත්වය යටතේ සිම්බාබ්වේට එම අවස්ථාවට සමීප වීමට නොහැකි විය.එපමණක් නොව ලෝක කුසලාන තරගාවලි දෙකක් ජයගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව්වන්ට ද එම අවස්ථාව ිහිමි විය.රාජ්‍යයන් කිහිපයක අනන්‍යතාවයට පරස්පර අනන්‍යතාවයකින් එකතු වෙන සංකීරණ දේශපාලන වටපිටාවක පවතින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් දේශපාලනය නිසා ක්‍රිඩක පරිපාලන අසමඟිකම් නිතර ඇති වීම නිසා කොදෙව් ක්‍රිකට් වරින්වර කඩා වැටෙන හැටි අපි දුටුවෙමු.එක් වරක් එම කාන්තා සහ පිරිමි කණ්ඩායම් පරිපාලනයෙන් ක්‍රීඩා ඇඳුම් හෝ නොලැබ පැමිණ 20/20 ලෝක කුසලාන රැඟෙන ගියහ.
මේ වන විට භූ දේශපාලනය සහ ක්‍රිකට් දේශපාලනය ලෙස මේ දූපත්වල ක්‍රියාත්මකවීම එකිනෙකට බලපෑම වළක්වා ගැනිමට අපොහොසත් තරමට කොදෙව් ක්‍රිකට් පරිපාලනයේ විවිධත්වයේ නියෝජනය සමානකම් ගිලිහි ඇත.ජාත්‍යන්තරය අනෙකුත් ක්‍රිඩාවලින් නියෝජනය කරන විට වෙන වෙනම අනන්‍යතා සහිතව ක්‍රියාත්මක මේ රටවල් අතරින් ජැමෙයිකාව වැනි රාජ්‍යයන් මලල ක්‍රිඩා වැනි ක්‍රිඩාවලින් විශිෂ්ඨ දස්කම් දැක්වීමක් සමග දුර්ලබ සාමූහිකත්වයක් ක්‍රියාත්මක මේ දූපත්වල ක්‍රිකට් සමඟිය ගැන ඒ ඒ රාජ්‍යයන් හී ප්‍රධාන ධාරාවට ඇති විටිනාකම හීන වී ඇත.


එසේම මේ වන විට රාජ්‍යය හරහා පිළිගත හැකි පහසුකම් නොලැබීම මෙන්ම බලපෑම් එල්ල නොවීම කියන කාරණා දෙකම පදනම් කරගෙන ක්‍රියාත්මක ඇෆ්ගන් ක්‍රිකට් සංස්කෘතිය එරටේ සාමාන්‍ය ජනතාව විදින පීඩාවන්ගෙන් සහ බලපෑම්වලින් දුරස්තව රැඳී තිබෙන ඉන්ද්‍රජාලික වස්තුවක් බඳුය.ඔවුහූ විවිධ රටවල විවිධ කණ්ඩායම්වලට හේත්තු වි සිය පෞද්ගලික ක්‍රිකට් ශක්‍යතා ගොඩ නඟා ගනිමින් සිටිති.ම්ලේච්ඡත්වයට සමීප මූලධර්මාවදී මානව නිදහස අවාසනාවන්ත ලෙස සීමා වුණු පොළවක ඒ සියල්ලට වෙනස් පසුබිමක පවතින ඇෆ්ගන් ක්‍රිකට් මේ වන විට ඒ නිදහසේ භූක්තිය ජයග්‍රහණවලින් පුරවමින් සිටින අතර නමුත් එය කොපමණ කාලයකට යන්න කිව නොහැකිය.ස්ත්‍රී පුරුෂ වෙනස පමණක් නොව සංගීතය වැනි කලාංග ද අතිශයින් කප්පාදුවට ලක්වන වාර්ණයට සහ දඩුවමට හේතුවන පොළවක ක්‍රිකට්වල නිදහස් හුස්ම ද කොපමණ කාලයක් තිබේවිද යන්න විශ්වාස කිරීමට අපහසුය.


මේ රටවල්වල ක්‍රිකට් යථාර්තයේ සාර්ථක හෝ අසාර්ථක වීම් සඳහා ඒ ඒ රටවල භූ දේශපාලනයේ අනන්‍යතාවය සෘජුවම බලපාන බව සහතිකය.එසේම ඒ ඒ ක්‍රිකට් පරිපාලන ව්‍යහුයන් විධිමත් හෝ අවිධිමත් ලෙස අවධානය ක්‍රිකට්මය පමණක් කරගන්නා ප්‍රමාණයේ තරමද බලපාන බව සත්‍යයකි.එතැන් සිට ජාත්‍යන්තර පිටියේ ඉහළ ස්ථාන කරා ගමන් තිරීම හෝ විතැන්වීම තීරණය වී තිබෙන බව ද අප තේරුම් ගත යුතුය.


සිම්බාබ්වේ මේ වන විටත් ලෝකයේ දැඩිම ආර්ථික අහේනියක ගිලී සිටින රටක් ලෙස පවතියි.ඒ සදහා මඟ කිවේ එරට දේශපාලනයේ තිබුණු ප්‍රතිපත්තිමය දුබලතාය.ශ්‍රි ලංකාව ආර්ථික වශයෙන් පහතටම කඩා වැටුණේ ද එහි භූ දේශපාලනික ක්‍රියාකාරකම්වල තිබූ මුග්ධ ක්‍රියා කළාප නිසාය.එය වඩාත් සිම්බාබ්වේමය හැඩයකට සමීප කරමින් රාජ්‍ය නායකයන්ම ජාතින් සහ ආගම් වශයෙන් මිනිස්සු අතර බෙදීම් ඇති බව සනාත කරන හැසිරීම් පෙන්නුම් කිරීම කැපී පෙණින.ක්‍රිකට් දේශපාලනය සහ ඊට ඉහළින් ඇති දේශපාලනය ද මේ භූ දේශපාලනයේම පිළිඹුබුවක් වීම මඟ හැර යාම තුළ ශ්‍රි ලංකාවේ ක්‍රිකට්වල අනාගත හැඩය තීරණය වනු ඇත.
පහතින් ඇත්තේ සිම්බාබ්වේ සහ නැමීබියාව අතර තරගාවලියේ තරග විස්තරය.
https://www.espncricinfo.com/series/zimbabwe-in-namibia-2023-24-1404388/match-schedule-fixtures-and-results

සටහන – නිෂ්මං රණසිංහ

.