හොර ඉමියුනොග්ලොබියුලින් හදන්න ලේ එකතු කරගෙන තිබෙන්නේ ලේ බැංකුවෙන් ??

Date:

හොර ඉමියුනොග්ලොබියුලින් නිශ්පාදනය කිරීම සඳහා අවශ්‍ය රුධිර සාම්පල ලබාගෙන තිබෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කරයි.

මෙම ඉමියුනොග්ලොබියුලීන් නිශ්පාදනය සඳහා අවශ්‍ය රුධිරය එකතු කරගෙන තිබෙන්නේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් වන බවත්, මීට සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරය ද ලබා දී ඇති බවයි රවී කුමුදේශ් මහතා තවදුරටත් අවධාරණය කරන්නේ.

මේ පිළිබඳව අදාළ සමාගම් හිමිකරු තහවුරු කළ බව ඒ මහතා පෙන්වා දෙයි.

මෙකී රුධිර සාම්පල ලබා ගෙන තිබෙන්නේ අධ්‍යයන පර්යේෂණයක් සිදුකිරීමේ අරමුණින් බව සඳහන් කරමින් අනුමැතිය ලබාගනිමින් වන අතර, මේ අනුව ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් ලීටර 150 ක රුධිරය අදාළ ව්‍යාපාරිකයා වෙත ලබා දී ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...

PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...