ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ETCA සාකච්ඡා නැවත අරඹයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුමේ (ETCA) 12 වැනි වටයේ සාකච්ඡා ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 1 දක්වා කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දැක්ම සෑම විටම පවතින ප්‍රධාන අපනයන වෙලඳපොලවල් පවත්වාගෙන යාම සහ අපනයන විවිධාංගීකරණය කරමින් ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ඒකාබද්ධ වීමයි.

2023 ජූලි 29 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නවදිල්ලි සංචාරය, 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ETCA ගිවිසුම සඳහා වේදිකාව සකසන ලදී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නියෝජනය කරමින් රාජ්‍ය නායකයන් දෙදෙනාම ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන විශේෂයෙන් නව සහ ප්‍රමුඛතා ක්ෂේත්‍රවල පුළුල් ලෙස වැඩිදියුණු කිරීමට එකඟ වූහ.

“මෙම සාකච්ඡා වටය තුළ දෙපාර්ශ්වයම ඇඟලුම් සහ ගම්මිරිස් සඳහා වන කෝටාව සහ ඖෂධ මිලදී ගැනීම වැනි ගැටළු පිළිබඳව ද සාකච්ඡා වූ අතර දෙපාර්ශවයම සාකච්ඡාව දිගටම කරගෙන යාමට සහ ගැටලු විසඳීම සඳහා නව විකල්ප ගවේෂණය කිරීමට තීරණය කළහ.

2016 සිට 2018 දක්වා දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වට 11 ක් පැවති අතර ඉන් අනතුරුව සාකච්ඡා විරාමයක් ද ලබා දී ඇත. දැනටමත් නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) ක්‍රියාත්මක කර ඇති අතර ඉන්දියාව වෙළඳාමෙන් වැඩි විදේශ විනිමයක්‌ උපයා ගනී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...