චීනයේ ලාබාලතම ගගනගාමීන් Shenzhou-17 සමඟින් අභ්‍යවකාශයට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2003 දී චීනයේ ප්‍රථම ගගනගාමියා Yang Liwei අභ්‍යවකාශයට ගමන් ඇරබීමෙන් පසු, මෙවර වාර්තාවක් තබමින් චීනයේ ලාබාලතම ගගනගාමී කාර්ය මණ්ඩලය මේ වන විට අභ්‍යාවකාශ ගත වී ඇත .

මෙය ඉතිහාසගත අවස්ථාවක් බවත්, නැගී එන අභ්‍යවකාශ බලවතෙකු බවට පත්වීමට චීනයට මෙය හේතුවක් වූ බවත් වාර්තා වේ.

ප්‍රථම වරට අභ්‍යවකාශයට ගොස් දශක දෙකක් ගත මොහොතේ , චීනය අභ්‍යවකාශයේ ඔවුන්ගේ ගවේෂණයන් තීව්‍ර කරමින් සිටින බවත්, චීනයට මේ වන විට සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වන Tiangong නම්වූ අභ්‍යවකාශ ස්ථීර මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම පසුගියදා චීන ගගනගාමීන් තිදෙනා Shenzhou-17 අභ්‍යවකාශ යානයෙන් Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව ගොස් ඇති අතර, ඒ මාස හයක කාලයක් Gobi කාන්තාරයේ පිහිටි Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ රැඳී සිටීම සඳහා බවයි වාර්තා වන්නේ.

මෙහි කාර්ය මණ්ඩලය චීනය අභ්‍යවකාශයට යවා ඇති ලාබාලතම කාර්ය මණ්ඩලය බවත් ඔවුන් තිදෙනාම වයස අවුරුදු තිස් ගණන්වල පසුවන අය වන බවත් සඳහන් වේ.

අභ්‍යවකාශ සුන්බුන් නිසා හානි වූ සූර්ය පැනල අලුත්වැඩියා කිරීම ඔවුන් තිදෙනාගේ ප්‍රධාන කාර්‍ය වන බවයි දැක්වෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...