ජීව අත්බෝම්බයක්,සොරකම් කරන ලද වාහන රැසක් එක්ක ජාවාරම්කරුවෙකු පොලිස් දැලේ!

Date:

කොළඹ LNW:තලංගම පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් බටපොත විමලතිස්ස මාවතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝමබයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මරණීය තුවාලයක් කළ හැකි තියුණු පිහියක්ද සොයා ගෙන ඇත.

සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 හැවිරිදි වියේ පසුවන්නෙකු බව පොලීසිය පවසයි.

සැකකරු පැමිණි යතුරු පැදිය සහ අත්බෝම්බය පිළිබද සිදුකළ විමර්ශන අනුව එම ස්කූටර් යතුරුපැදිය කටුනායක ප්‍රදේශයෙන් සොරාගත් යතුරු පැදියක් බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව සැකකරු මෙවැනි යතුරු පැදි හා ත්‍රීරෝද රථ සොරාගන්නා පුද්ගලයෙකු බව හෙළිදරව් වී තිබේ.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් රැදවුම් නියෝග මත සැකකරුව රදවාගෙන ප්‍රශ්න කිරීමේදී කටුනායක,පෑලියගොඩ,මරදාන,රාජගිරිය, බත්තරමුල්ල,මාලබේ,කලල්ගොඩ,කොට්ටාව යන ප්‍රදේශවල සොරාගත් ත්‍රීරෝද රථ සහ යතුරු පැදි පොලීසියට සොයාගැනීමට ද හැකිවී ඇත.

මේ සදහා මෙම ප්‍රධාන සැකකරු හට මෙම අපරාධ සිදුකිරීමට සහයදුන් තවත් සැකකරුවන් දෙදෙනකු පිළිබද පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකුද තලංගම පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් කැලණිය වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

තවද මෙම සැකකරු වාහන සොරාගෙන කැබලිකර අලවිකරන ජාවාරමක් ද කරගෙන ගොස් තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...