පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්භන්ධ්‍යෙන් නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව, පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවේ පොදු දේපොළ පනත යටතට ගැනෙන චෝදනාවලින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ලබාදී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා ඇත.

නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් කැඳවූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම නියෝගය ලබාදී ඇති බවත්, කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පවතින අදාළ නඩුවේ සෙසු චෝදනා විභාග කිරීම වළක්වාලමින් ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවද වාර්තා වේ.

මෙම නඩුව පවරා තිබුණේ, 2015 වසරේ පෙබරවාරි මස 27 වැනි දින පැවති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක දී රජයට අයත් රුපියල් මිලියන 688ක් සාවද්‍ය පරිහරණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...