යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතියත් හිමි වෙයි

Date:

විදේශ රටක මෙහෙයුම් සඳහා රුසියානු හමුදා යෙදවීමට එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මන්ඩලය විසින් ජනාධිපති ව්ලැදිමීටර් පුටින්ට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම අනුමැතිය හරහා යුක්රේනය ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට තැබීමට පුටින් සමත් වී තිබෙනවා.

මේ වනවිට රුසියානු හමුදා භටයන් විශාල පිරිසක් යුක්රේන දේශසීමාවේ රඳවා සිටින අතර පුටින්ගේ අවසරය ලැබුණු වහාම යුක්රේනය ආක්‍රමණය කිරීමට ඔවුන් සූදානමින් සිටී.

පුටින්ගේ මෙම උත්සාහය පිළිබඳව ලොව බොහෝ රටවල මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල දැඩි විරෝධය එල්ල වී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව ප්‍රබල රටවල් රුසියාවට සම්බාධක පැනවීමටද සූදානම්ව සිටිනවා. මේ වනවිටත් රුසියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රජයේ ඉහළ පෙළේ නිළධාරීන් ඇතුළු පාලන තන්ත්‍රයේ ප්‍රබලයන් රැසකට සම්බාධක පනවා තිබෙනවා. යම් හෙයකින් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට කටයුතු කළහොත් එම සම්බාධක තවදුරටත් දැඩි වනු ඇත.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටර්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රුසියානු සෙබළුම් සාම සාධක භටයන් ලෙස සැළකීමට කිසිසේත්ම නොහැකි බවයි. මෙය බලහත්කාරී ආක්‍රමණයක් බවත්, එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් පවසන ජගත් මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ යුක්රේනයේ ස්රෛවරීත්වය උල්ලංඝනය කිරීමට රුසියාවට හෝ වෙනත් කිසිදු රටකට නොහැකි බවයි.

යුක්රේන – රුසියා යුද උණුසුම මෙලෙස ඉහළ යද්දී අර්බුදය සමනය කර ගැනීම සඳහා රුසියානු ඇමරිකානු රාජ්‍ය නායකයන් අතර සාකච්ඡාවද ලහි ලහියේ සූදානම්වෙමින් තිබෙනවා. අදාල සාකච්ඡා ස්විට්සර්ලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...